උතුරු අයර්ලන්තයේ, Co Antrim ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණ මාලාවක් අතරතුර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
පසුගිය දිනක සිදුවූ දරුණු පිහි ඇනුම් සිද්ධියක් මුල් කරගනිමින්, පසුගිය සඳුදා සිට මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ විය. අද (11) වන විට මෙම උද්ඝෝෂණ තුන්වන දිනටත් ක්‍රියාත්මක වූ අතර, එහිදී කලහකාරී පිරිස් විසින් පොලීසිය දෙසට ගඩොල්, බෝතල් සහ ලී කැබලිවලින් ප්‍රහාර එල්ල කර ඇත.
පිරිස පාලනය කිරීම සඳහා පොලීසියට ජල ප්‍රහාරක රථ භාවිතා කිරීමට සිදු වූ අතර, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හි නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රදේශයේ පවතින ආතතිකාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂක අංශ තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවෙයි.
















