මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි කිරීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.
එවැනි කිසිදු තීරණයක් හෝ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් සිදු කර නොමැත.ජාතික සහ ආගමික සංහිඳියාව විනාශ කිරීමේ සහ ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමේ ද්වේෂ සහගත අරමුණින් ඇතැම් පිරිස් විසින් මෙම ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම පතුරුවා හරින බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.මෙම අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනටමත් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ජාතික සහ ආගමික සංහිඳියාව සහ සාමය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














