නෝර්වේ රාජ්‍යයේ මෙට්-මාරිට් ඔටුන්න හිමි කුමරියගේ 29 හැවිරිදි පුත් මාරියස් බෝර්ග් හොයිබි වෙත දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් වසර 4ක සිර දඬුවමක් නියම වී තිබේ. ඔහුට එරෙහිව තිබූ සෙසු අපරාධ චෝදනා රැසකට ද ඔහු වරදකරු බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මාරියස් හොයිබි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවට බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. පැමිණිල්ල පාර්ශවයෙන් ඔහු වෙනුවෙන් වසර හතයි මාස හතක සිරදඬුවමක් ඉල්ලා සිටිය ද, විනිසුරුවන් විසින් නියම කරනු ලැබුවේ වසර හතරක දඬුවමකි. කෙසේ වෙතත්, විත්ති පාර්ශවයේ නීතිඥයන් සඳහන් කළේ මාස 18ක ලිහිල් දඬුවමක් බලාපොරොත්තු වූ බවත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවත්ය.
මෙම නඩු තීන්දුවට අනුව 2023 වසරේ ලොෆොටන් දූපතේ සහ 2024 නොවැම්බර් මාසයේ ඔස්ලෝ හෝටලයකදී සිදුවූ බවට චෝදනා එල්ල වූ දූෂණ සිදුවීම් දෙකකින් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබේ.
















