• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

19 විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම වෙනස් කල යුතුයි – ඇමැති නිමල් කියයි

28 August 2020
in දේශීය

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් නතර නොවි සමස්ථ ව්‍යවස්ථාවම සංශෝධනය විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කර පත්කළ ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය නොවන සංවිධාන හා විදේශ බලවේගවල අවශ්‍යතා ඉටු කරන සභාවක් බවට පත් වූ බව හෙතෙම පැවසිය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ සාධනීය ලක්ෂණ රැක ගනිමින්, එහි ඇති අඩුපාඩු හා දුර්වලකම් ඉවත්කර , ජනතා පරමාධිපත්‍ය රැක ගැනීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා “අපේ රජය නොවැම්බර් මාසයේදී අයවැය ලේඛණයක් ඉදිරිපත් කරනවා. ඊට පෙර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ, පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් පත්කර ඇති කමිටුවේ මම ද සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. 19 වන ව්‍යවස්ථාව එවකට ජනාධිපතිවරයාගේ බලය ව්‍යවස්ථාදායක සභාවට ලබා දී, එම ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය නොවන හා විදේශ සංවිධාන වල හා බලවේග වල අවශ්‍යතාවයක් ක්‍රියාත්මක කරන රටට ඵලදායී නොවන සභාවක් බවට පත් වුණා. ඒ තත්වය නැති කර ජනතා පරමාධිපත්‍ය නිසි පරිදි පිළිබිඹු වන ආකාරයට 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එසේම ජනාධිපතිතුමාට පූර්ණ බලය සහිතව කටයුතු කිරීමට අවශ්‍ය බලය ලබාදීමට හැකි වන ආකාරයට බලය ලබා දීමට අපි කටයුතු කරනවා. මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජනවරමක් අපට ලබා දුන්නෙත් මහා සංඝරත්නය දිගින් දිගටම අපේක්ෂා කළෙත් මෙම ව්‍යාකූල තත්වයට පත්වී ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරිමයි. අපි ඒ කටයුත්තට ප්‍රමුඛත්වයක් දී ඉටු කිරීමට වගකීමෙන් බැදී සිටිනවා.

19 වන ව්‍යවස්ථාව යටතේ පත් කළ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණයට යෑම නිසා එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. එවැනි කොමිෂන් සභා මඟින් ජනතාවට සාධාරණයක් ඉටු නොවන බව ද ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ දී ඊට එරෙහිව කටයුතු කරන්නට, ව්‍යවස්ථාදායක සභාවට බලයක් නොමැත විම ද විශාල අඩුවක්.

“19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පමණක් අපි නතරවන්නේ නෑ. සමස්ථ ව්‍යවස්ථාවම සංශෝධනය විය යුතුයි. විශේෂයෙන් අපිට හොඳ මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. එකිනෙකා ඇනකොටා ගන්නා මනාප ක්‍රමය නැතිකර ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන මැතිවරණ ක්‍රමයක් ගෙන ඒමට අපි පියවර ගන්නවා. වඩාත් ප්‍රබුද්ධ වූ මැතිවරණ ක්‍රමයක් අපි ජනතාවට හඳුන්වා දෙන්න ඕනි. කොමිෂන් සභා විශාල සංඛ්‍යවක් තියෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තීන්දුවක් දුනහොත් ඊට එරෙහිව කටයුතු කරන්නට අභියාචනාධිකරණ මණ්ඩලයක් තියෙනවා. අධිකරණ කොමිෂන් සභාව යම් තීන්දුවක් ලබා දුනහොත් ඊට එරෙහිව අභියාචනයක් කරන්න බෑ. එමනිසා අධිකරණ සේවා කොමිෂන් සභාවට එවැනි අභියාචනාධිරණ මණ්ඩයක් පිහිටුවීමට ව්‍යවස්ථා සංශෝධනයේ දී අපි අදහස් කරනවා. සමස්ථ ව්‍යවස්ථා සංශෝධනයේදී මේ වගේ ගැටළු රැසකට විසඳුම් ඇතුළත් කළ යුතුයි.

 

Post Views: 11
Previous Post

තායිවානයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාගයක්

Next Post

අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය

editor

editor

Next Post

අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved