• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වන්න තවම සුදානමක් නෑ – විමල් වීරවංශ

7 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සර්වපාක්ෂික එකඟතාවයෙන් යුතු අවම පොදු ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට බවත් අපගේ යෝජනා සැකසෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට අප එක් වන්නේ නම් ඒ පිළිබඳව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමා කිසිවිටකවත් සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වන බව පවසා නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය පහත පරිදි සම්පුර්ණයෙන්.

“සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවක් මා කිසිවකුට පවසා නැහැ!”

සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි මම පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමි.

පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති මේ මොහොතේ මෙම අන්තර්කාලය පසු කිරීම සඳහා සුදුසුම උත්තරය වන්නේ සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීම බව රට හමුවේ මුල්වරට පෙන්වා දුන්නේ අප ය.
මෙම යෝජනාව අප විසින් පසුගිය අප්‍රේල් 08 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව ඉදිරිපත් කරනු ලැබූ බවත් එතුමන් එය සුදුසු පරිදි පිළිනොගත් බවත් මෙහිදී කනගාටුවෙන් වුව සිහිපත් කරනු කැමැත්තෙමි.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ද අප පෙන්වා දුන්නේ වත්මන් පාලනයට ලැබී නැති සුජාතභාවය ඉක්මනින් ඇතිකරගත යුතු බවත් ඒ සඳහා මහජන විශ්වාසය සහ ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් ඇති කර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් ය. එසේ පෙන්වා දුන්නා පමණක් නොව අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස ‘වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සහ නිශ්චිත කාල රාමුවක් තුළ අර්බුද සමනය කර ගැනීම සඳහා අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් යෝජනා 12කින් සමන්විත යෝජනාවලියක් ද පසුගිය ජූලි 28 වැනි දින ‘වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇත්තෙමු. එසේම එම අවම පොදු ජාතික වැඩපිළිවෙළ සැකසීම සඳහා කැඳවිය යුතු සර්වපාක්ෂික සමුළුවේදී සැලකිල්ලට ගත යුතු නිර්දේශ ඇතුළත් යෝජනා 10ක් ද අප විසින් ඒ සමග ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඉහත කී සර්වපාක්ෂික එකඟතාවයෙන් යුතු අවම පොදු ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට ය. අපගේ යෝජනා ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සැකසෙන එම ‘අවම පොදු ජාතික වැඩපිළිවෙළ’ දෙස අපි විමසිලිමත්ව සිටින්නෙමු. එය ක්‍රියාත්මක කිරීම පිණිස සැකසෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට අප එක් වන්නේ නම් ඒ පිළිබඳව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ,(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

Post Views: 5
Previous Post

සර්ව පාක්ෂික ආණ්ඩුකරණය සම්බන්ධ යෝජනා සඳුදා වන විට සහභාගී වූ සියලු පක්ෂවලට දැනුම් දෙනවා – ජනපති

Next Post

ජනපති රනිල් පාස් බව අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පවසති

editor

editor

Next Post

ජනපති රනිල් පාස් බව අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පවසති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved