• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැන් ගහන්නේ හයියෙන් – අගමැති රනිල් කියයි 

30 August 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇඟට දැනෙන සංවර්ධනයේ වෙනස අද ගමට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකි වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්. 

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ” ගතවූ වසර 3 තුළ සිදු කළේ මොනවාදැයි ඇතැමුන් අපෙන් විමසනවා. අපි ක්‍රිකට් කී්‍රඩාවේ භාෂාවෙන් කියනවා නම්  ර්‍ණඅප පළමුවෙන් කළේ අපේ කඩුළු රැක ගැනීමයි” අපට ලකුණු රැස් කිරීමට පෙර කඩුල්ල රැක ගැනීමටයි සිදුව තිබුනේ. ඉදිරියට එන පන්දුව දෙස බලමින් කඩුළු ආරක්‍ෂා කරගනිමින් අප පන්දුවලට පහර දුන්නා. නමුත් අද වන විට අප කඩුළුත් ආරක්‍ෂා කරගනිමින් අවශ්‍ය ලකුණුත් රැස් කරමින් සිටිනවා. දැන් ඉදිරියට එන පන්දුවලට අපේ âස හො¼දින් හුරු වී තිබෙන නිසා අපට වැරෙන් පහර දීමේ හැකියාව තිබෙනවා. මෙවැනි විශාල ප්‍රදර්ශන සූදානම් කර තිබෙන්නේ එම නිසායි.

2013 වන විට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1137 යි. නමුත් අපේ ණය වාරික ගෙවීමට රුපියල් බිලියන 1162 ක් අවශ්‍ය වී තිබුණා. අප ණයවලින් පිරුණ ආර්ථිකයක් භාර ගත්තා. එදා හිටපු ජනාධිපතිතුමා යටතේ තිබූ මහා මාර්ග පිළිබඳ අමාත්‍යංශයෙන් අත්පත් කරගත් ඉඩම් සඳහා ජනතාවට වන්දි ගෙවීමට රුපියල් මිලියන 40000 ක් අවශ්‍යව තිබුණා. අපේ රජය බලයට පත්වීමෙන් පසු අපට මේවා ගෙවීමට සිදුවුණා. පසුගිය ආණ්ඩුව දේශීය බැංකු හරහා රුපියල් බිලියන 54,000 ක් ණය ලෙස ලබාගෙන තිබෙන්නේ මාර්ග ඉදිකිරීම සඳහායි. නමුත් මාර්ග ඉදිකළ කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන් මුදල් ලබා දී තිබුනේ නැහැ. එම මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම අපට සිදු වුණා.

2005 සිට 2015 දක්වා ඔවුන් මහාමාර්ග ඉදිකිරීම් කිලෝ මීටර 183 ක් ඉදිකළා. නමුත් පසුගිය ආණ්ඩුවේ පරණ පව් ගෙවමිනුත් අපි 2015 සිට 2017 දක්වා මහා මාර්ග කිලෝමීටර 185 ක් ඉදි කිරීමට අපට හැකි වූ අතර මධ්‍යම අධිවේගියේ වැඩකටයුතු අවසන් වන විට එම ප්‍රමාණය තවත් වැඩි වෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ කටයුතු වෙනුවෙන් 2015 වසර වන විට රුපියල් මිලියන 23164 ක් ගෙවීමට අපිට සිදු වුණා. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල ආදිය සඳහා රුපියල් මිලියන ලක්ෂ 3 ක් ගෙවීමට අපට සිදුව තිබුණා. අප වැඩකටයුතු ආරම්භ කළේ ඒ ණය කන්දරාව ගෙවා දැමීමෙන් පසුවයි. රාජ්‍ය ගොඩනැගිලි සංස්ථාව තමන් භාර ගන්නා විට මිලියන 530 ක ණය මුදලක් තිබූ බව සජිත් පේ‍ර්මදාස ඇමතිතුමා මා සමඟ පැවසුවා.

අධ්‍යාපන අමාත්‍යංශය භාර ගන්නා විට විධිමත් විදුහල්පතිවරුන්ගේ 4000 ක පුරප්පාඩු පැවතුණා. අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 854 ක්, ගුරු අධ්‍යාපන සේවයේ පුරප්පාඩු 1700 ක් ආදිය පුරවමින් අප නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කළා. පාසල් වැසිකිලි හිඟය අති විශාල ගැටළුවක්ව පැවතුණා. අලූතින් වැසිකිලි 26000 ක් ඉදිකළා. නමුත් එයත් ප්‍රමාණවත් වුනේ නැහැ.

2015 වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් මිලියන 26250 ක්. මේ ණය ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට අපට සිදුවුණා. තව ආදායම් මාර්ග ඇති කිරීමට අකමැත්තෙන් හෝ  ර්‍ණවැට්” වැඩි කිරීමටත් ඒ වෙනුවෙන් බැනුම් ඇසීමටත් අපට සිදුවුණා. නමුත් අද අපිට ණය ගෙවීමේ හැකියාව ඇතිවී තිබෙනවා. රටේ ආර්ථික ස්ථාවරභාවයක් දැන් ඇති වී තිබෙනවා. අපට පළමුවෙන්ම කඩුළු ආරක්‍ෂා කර ගැනීමට සිදු වූ බව ඔබට පැවසුවේ එම නිසයි. එය ලෙහෙසි කාර්යයක් නොවෙයි.

ජි.එස්.පි ප්ලස් සහනය ලබාගනීමින් නැවත යුරෝපීය වෙළඳපලට ඇතුළු වීමට අපට හැකිවුණා. ඇඟලූම් අපනයන වැඩිකර ගැනීමට ධීවර අපනයන වැඩි කරගැනීමට අපට හැකිවුණා. 2017 වසර වන විට ඩොලර් මිලියන 11000 ක අපනයන ආදායමක් ලැබුණා. ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අපනයන ආදායම වන්නේ එයයි. නමුත් මගේ අදහස ඉන් සෑහීමකට පත් නොවී එය තවත් වර්ධනය කරගත යුතුයි යන්නයි.

අපි පොරොන්දු වූ පිරිදි බලයට පත්වීමෙන් පසු රැකියා ආදායම් මාර්ග ලක්ෂ 7 ක් ඇති කළා. ඉන් රැකියා ලක්ෂ 4 ක් අර්ථසාධක අරමුදල් ලැබෙන ස්ßර රැකියා වන අතර අනෙක් ලක්ෂ 3 කෘෂිකර්ම, ස්වයං රැකියා සහ වෙනත් අංශයන් ඔස්සේ ඇතිකර තිබෙනවා. අපේ සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකිවී තිබෙනවා.

2020 වන විට රටේ ණය බර දළ දේශීය ආදායමින් 70% කට සීමා කිරීමට අප බලාපොරොත්තු වුණා. එම අපහසු කාලයේත් අප ජනතාව අමතක කළේ නැහැ. 

හෘද රෝග ප්‍රතිකාර සඳහා නොමිලේ ස්ටෙන්ට් ලබාදීමට අපට හැකිවුණා. අක්ෂී කාච නොමිලේ ලබා දීමටත් වෙළඳ පොලේ ඇති අක්ෂි කාච 37ක මිල පාලනය කිරීමටත් අප කටයුතු කළා. පිළිකා රෝගින්ට ප්‍රතිකාර දීමනාව ජීවිතාන්තය දක්වා ලබා දීමට අප කටයුතු කළා. අත්‍යාවශ්‍ය ඔඣීෂධ  48ක මිල අඩුකළා. 1919 සුව සැරිය ගිලන් රථ සේවාව දීපව්‍යාප්ත කිරීමට අප කටයුතු කළා.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ප්‍රාථමික පාසල් 3578ක් සහ ද්විතීය පාසල් 1000 ට අධික ප්‍රමාණයක් වෙනුවෙනුත් ගොඩනැගිලි සහ අනෙක් පහසුකම් ලබාදීමට කටයුතු කළා. පෝෂ්‍යදායි ආහාර ලබාදීමට කටයුතු කළා. පෝෂ්‍යදායි ආහාර ලබාදීමේ වැඩසටහන යටතේ පාසල් දරුවන් මිලියනයකට ප්‍රතිලාභ දීමට අපට හැකි වුණා. සුරක්ෂා රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, පාසල් ගුරුවරුන් බඳවා ගැනීමෙන් දේශපාලනය ඉවත් කිරීම, මහපොළ ආධාර රු. 2500 සිට 5000 දක්වා වැඩි කිරීම ශිෂ්‍යාධාර ලබාදීම රු. 2000 – 4000 දක්වා වැඩිකිරීම ආදි ප්‍රතිලාභ රැසක් අපේ ආණ්ඩුව යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටු වුණා.

ගැබිණි මාතාවන්ට ලබාදෙන රු. 20,000 දීමනාව අප තවමත් ලබා දෙනවා. 2014 දී සමෘද්ධි ලබාදුන් උපරිම 1500ක මුදල රුපියල් 3000ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රු. 10,000 කින් වැඩි කරමින් විශ්‍රාම වැටුප් වැඩිකරමින්, අප රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලාභ ලබා දුන්නා. පොලිස් සේවයේ වැටුප් වැඩිකිරීම, පුද්ගලික අංශය  වෙනුවෙන් රු. 10000 අවම වැටුප් ප්‍රමාණය  තීරණය කිරීම, රුපියල් 2500 වැටුප් වැඩිකිරීමට යෝජනා කිරීම ආදියද අපේ ආණ්ඩුව යටතේ ගනු ලැබූ පියවරයන් බව සඳහන් කළ යුතුයි.

ඇත්ත වශයෙන්ම 2014 ජීවන වියදම සමග සසඳන විට වර්තමානයේ පහසුවෙන් ජීවත්විය හැකි තත්වයක් නිර්මාණය වී තිබෙනවා. උදාගම්මාන 1100ක් ඉදිකිරීම දැන් ආරම්භ කර තිබෙනවා. වතුකරයේ නිවාස 10000 ව්‍යාපෘතිය, වතුකරයේ ගම්මාන ඉදිකිරීම් වැඩ සටහන අප මේ වන විටත් ආරම්භ කර අවසන්.

අඩු ආදායම්ලාභි නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට තට්ටු නිවාස ලබාදීම, මධ්‍යම පාන්තිකයන්ට පණවා ඇති කොන්දේසි මත ණය ලබාදීම  අදි සියලූ කටයුතු අප පසුගිය වසර 03ක් වැනි කෙටි කාලයකදි සිදු කළ කාර්යයන්. තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක කරන ගමට කෝටියක් වැඩසටහන හරහා මේ වන විට ග්‍රාම සංවර්ධනය වෙනුවෙන් ලක්ෂ 10000 වැඩි මුදලක් අප ලබාදී තිබෙනවා. තව දින කිහිපයකින් චෙන්කලාඩි සිට මොණරාගල දක්වා වන මාර්ග සංවර්ධන වැඩසටහන ආරම්භ කරනවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග කටයුතු සඳහා රුපියල් මිලියන 7500ක් ලබාදී තිබෙනවා. කුඩා ව්‍යාපෘති ආරම්භ කිරීමට අප ආධාර උපකාර ලබා දෙනවා. ග්‍රාම ශක්ති ව්‍යාපාරය, මොරගහකන්ද ව්‍යාපාරය ආදිය ආරම්භ කිරීමට අප මුදල් ලබාදී තිබෙනවා. මේ සියල්ල අප සිදු කළේ බොරුවට බෙර ගසමින් නොවේ. නමුත් අද එහි ප්‍රගතිය  ර්‍ණඑන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය තුලින් පෙනෙන්නට තිබෙනවා. දැන් අප හොදින් ලකුණු රැස් කරමින් ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කළ යුතුයි.

ගම්පෙරලිය හරහා ගමට මුදල් ලබාදීමට අප කටයුතු කරනවා. එන්ටර්ප්‍රයිස් වැඩසටහන හරහා රටේ ව්‍යවසායකින්ට ණය ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර තිබෙනවා. සාමාන්‍ය ණයක් ලබාගැනීම වෙනුවට ආණ්ඩුවේ මැදිහත් වීමද සමග ඔබට ණය ලබාදීමේ ක්‍රමයක් අප ඇති කර තිබෙනවා. රටේ සියලූම ගම්මානවල ගම්පෙරළිය වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරනවා. මාර්ග ඉදිකිරීමට නිවාස ඉදිකිරීමට අප තවත් මුදල් ලබා දෙනවා. 

වසර තුනක් තිස්සේ අපේ කඩුළු ආරක්‍ෂා කර ගිනිමින් අප කටයුතු කලා. දැන් ඔබේ පිත්ත අතට ගන්න. ගම්මානවලට යන්න, සංවර්ධන වැඩකටයුතු කරමින් ඉදිරි ජයග්‍රහණ වෙනුවේන ලකුණු රැස්කරන්න යැයි මම අපේ නියෝජිතයන්ට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

වැල්ලවාය, වත්තල, හම්බන්තොට ප්‍රදේශවල විශාල ආයෝජන කලාපය අපි ආරම්භ කරනවා. දැනට ශ්‍රී ලංකාවේ ඇති සියලූම වෙළඳ කලාපවල භඣමි ප්‍රමාණයේ එකතුව වන්නේ අක්කර 3000ටත් අඩු ප්‍රමාණයක්. නමුත් අපේ නව වැඩපිළිවෙල යටතේ අක්කර 15000 ක පමණ ප්‍රමාණයක නව කර්මාන්ත කලාප ගණනාවක් ඇති කරනවා. වරාය කටයුතු පිළිබඳ අමාත්‍යතුමා හම්බන්තොට වරාය ඒකාබද්ධ ව්‍යාපාරය පිළිබඳ වැඩකටයුතු සිදු කරනවා. සිවිල් ගුවන් කටයුතු ඇමතිතුමා මත්තල ගුවන් තොටුපලේ ඒකාබද්ධ ව්‍යාපාරය පිළිබඳ වැඩකටයුතු සිදුකරමින් සිටිනවා. අලාභ ලබන ආයතන වෙනුවට මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ලාභ ලබන ආයතන බවට පත් කිරීමට අප කටයුතු කරනවා.

සාගල රත්නායක ඇමතිතුමාත්, මලික් සමරවික්‍රම ඇමතිතුමාත් විශාල ආයෝජන කලාපයට අවශ්‍ය ඉඩම් ලබාගනිමින් එම වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. එදා වැව් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ මොණරාගල ඉදිරියේදී ආයෝජන කලාප පිළිබඳ ප්‍රසිද්ධියට පත්වෙනවා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමා මේ ප්‍රදේශයේ සංචාරක කලාපයක් ඉදිකිරීම වෙනුවෙන් වැඩකටයුතු කරනවා. මේ ආකාරයට නව ශ්‍රී ලංකාවක් අප ගොඩනගනවා.

අපිට බාර ගන්නට සිදු වුණේ සුදු අලි වැනි ව්‍යාපෘති වුණ් රටට මුදල් ගෙන ඒමේ වගකීම අද අප සතු වී තිබෙනවා. මත්තල, හම්බන්තොට වෙනුවෙන් ණය ගෙවන්න යැයි අපි දැන් ජනතාවට පවසන්නේ නැහැ. හම්බන්තොට සිට නුවරටත් නුවර සිට කොළඹටත් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිරියේදී ඉදිකරනවා. සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඒවා කේන්ද්‍රකරගෙනයි. ගාල්ල ප්‍රදේශයේ පමණක් විශාල සංචාරක කලාප 3 ක් ඇති කරනවා. මාතර තවත් සංචාරක කලාපයක්. කළුතර ආයෝජන කලාපයක් ඉදිකරනවා. කොළඹනගරය ඉන්දීය සාගරයේ විශාලම නගරය බවට පත් කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනවා. බිංගිරිය, මාවතගම, ආයෝජන කලාප 2 ක් ඇති කරනවා.

නුවර නගරය දියුණු කිරීම සඳහා වන විශාල ව්‍යාපෘතියකට ආධාර කිරීමට ජපාන ආණ්ඩුව එකඟ වී සිටිනවා. මේ ආකාරයට අපි ඉදිරියට යනවා.

මේ රට 2025 වනවිට දියුණු රටක් බවට පත් කරනවා. ඔබ වෙනුවෙන් රැකියා ඇති කිරීමට ආදායම් වැඩි කිරීමට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ආදි වැඩසටහන් ගණනාවක් අප ක්‍රියාත්මක කරනවා. අපේ එකම අරමුණ ඔබ වෙනුවෙන් හොඳ අනාගතයක් නිර්මාණය කිරීමයි. 2015 දී ඔබ දුන් වරමත් සමඟ අපට අභියෝගයක් භාර වුණා. අපි එම අභියෝගයට මුහුණ දුන්නා. බැනුම් ඇසීමට අපට සිදුවුණා. පැවති ප්‍රාදේශීය සභා මැතිවරණය පරාජයට පත්වීමට සිදුවුණා. නමුත් රට ගොඩගැනීමේ මූලික පරමාර්ථය ඇතිව අප කටයුතු කළා. ඒ අනුව අපි ඉදිරියට ගියා.

අද මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම වෙනුවෙන් මංගල සමරවීර ඇමතිතුමාටත් අපි ස්තඣතිවන්ත විය යුතුයි. ගමට සංවර්ධනය ගෙන ඒමේ සංඛේතය වන්නේ මෙම ප්‍රදර්ශනයයි. මේ වැඩසටහන වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ අනෙක් නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් මම ස්තුති වන්. වෙනවා.  ඒ වගේම රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමා මෙම ප්‍රදර්ශනයේ විශාල වගකීමක් භාරගත්තා. විජිතමුණි ඇමතිතුමාත් ඊට විශාල සහයෝගයක් දැක්වූවා. අපි සියලූ දෙනා එකතුවෙන් මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. ගම්පෙරලිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, රුහුණු මාගම්පුර ආයෝජන කලාපය, ආදිය ඉදිකරමින් මහනුවර දක්වා එම සංවර්ධනය ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියලූ වැඩකටයුතු කතරගම දෙවිඳුන්ගේ පිහිටෙන් සාර්ථක වේවා යැයි මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

 

 

 

 

 

 

 

 

 

 

Post Views: 1
Previous Post

සංස්ථා පනත වෙනස් කරනවා – ඇමැති අර්ජුන කියයි 

Next Post

පරාජය කළේ වාර්තාව පමණයි – පනතට නෙමෙයි

editor

editor

Next Post

පරාජය කළේ වාර්තාව පමණයි - පනතට නෙමෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved