ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන මැයි දින රැළි දෙකෙන් පළමුවැන්න මේ වන විට නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ. නුවරඑළිය නගරය හරහා පැමිණි දැවැන්ත පාගමනින් අනතුරුව අදාළ ක්‍රීඩාංගණයට පැමිණි පාක්ෂිකයින් සහ ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම රැළිය පැවැත්වේ.
මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්ව සිටින අතර, කම්කරු දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධානතම ජන හමුවක් ලෙස මෙය සැලකේ. නුවරඑළිය රැළියෙන් අනතුරුව, ජනාධිපතිවරයා සහභාගී වන මීළඟ ප්‍රධාන මැයි දින රැළිය අද පස්වරුවේ මහරගමදී පැවැත්වීමට නියමිතව ඇත.














