හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා යනු නීතියට ඉහළින් සිටින සුවිශේෂී පුද්ගලයෙකු නොවන බවත්, වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව ද රටේ පොදු නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
එහිදී රටේ නීතියේ ආධිපත්‍යය සහ බුද්ධි අංශ ප්‍රධානීන්ගේ වගවීම පිළිබඳව අදහස් දක්වමින් අරුණ පනාගොඩ මහතා මෙසේ අවධාරණය කළේය.
“මේ රටේ නීතිය කියන දේ කාටත් එක හා සමාන විදිහට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයයි. යුද්ධ කරලා හරි, රට සුද්ද කරලා හරි නීතියේ සාධාරණත්වය හැමෝටම ඉටු විය යුතුයි. ඒ නිසා යම් පුද්ගලයෙක් බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළා කියලා ඔහුට නීතියෙන් බේරෙන්න බැහැ. ඔහු මේ රටට ද්‍රෝහිකමක් හෝ අපරාධයක් කරලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් මහජනතාවගේ ජීවිතවලට කිසියම් හෝ හානියක් සිදුකරලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් ඔහු නීතිය ඉදිරියේ වගකියන්න ඕනේ. ඒ නිසා අපිට සුරේෂ් සලේ කියන්නේ අමුතු පොරක් නෙමෙයි.”
වත්මන් රජය යටතේ පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් සහ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු යළි ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
















