හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය දෙවන වරටත් තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය (NPP) සමත්ව තිබේ. ඒ අනුව, තේරී පත් වූ නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අද (17) සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේ, ජනතාව තැබූ මෙම විශ්වාසය උපරිමයෙන් සුරකිමින් ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සහ විනිවිදභාවයකින් යුත් සේවාවක් සැපයීමට මෙම ජයග්‍රහණය ශක්තියක් කරගන්නා බවයි. සමුපකාර ව්‍යාපාරය ජනතාවට වඩාත් සමීප කරවමින් එහි ප්‍රතිලාභ සෘජුවම පාරිභෝගිකයා වෙත ලබා දීම නව පාලනාධිකාරියේ අරමුණ වී තිබේ.















