ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා සහ කාර්යාල ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ පූර්ණ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පවරා වසරකට අධික කාලයක් ගතවී තිබුණද, මේ දක්වා එම සේවාවන් සඳහා නිසි මිල සූත්‍රයක් හඳුන්වා දීමට බලධාරීන් අපොහොසත් වී තිබේ. මෙම නියාමන ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා මේ වන විට මුළු රටම පාහේ දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, තමන්ට රිසි සේ ගාස්තු අය කරන ප්‍රවාහන මාෆියාවක ග්‍රහණයට සාමාන්‍ය ජනතාව නතුව ඇත. මිල සූත්‍රයක් නොමැති වීම නිසා කුලී ත්‍රිරෝද රථ රියදුරන්, පාසල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන් සහ කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන රියදුරන් තමන්ට අවශ්‍ය පරිදි ගාස්තු ඉහළ දමමින් අසීමිත ලාභයක් ලබන බවට නිරීක්ෂණය වේ. රටේ ආර්ථික තත්ත්වය හමුවේ දෛනිකව වැඩට සහ පාසලට යන ජනතාව මෙම අත්තනෝමතික ගාස්තු අය කිරීම් හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින අතර, වගකිවයුතු අංශ තවදුරටත් නිහඬව සිටීම ජනතා විරෝධයට හේතු වී ඇත. මෙම ප්‍රවාහන ජාලය විධිමත් කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සාධාරණ මිල සූත්‍රයක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇති බව මේ වන විට සියලු පාර්ශ්වයන්ගේ අවධානයට ලක්ව තිබේ.














