27 April 2024
#ක්‍රීඩා

ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධය සාකච්ඡාවක්

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇති ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

TTVNews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ යෝජනා වී ඇති ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම් සිදු කළ යුතු බවයි.

ඒ මහතා මෙලෙස කරුණු දක්වා සිටියේ ඊයේ (24) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ගනු ලැබු තීන්දු.

තව ද ව්‍යවස්ථා සම්ප්‍රදන මණ්ඩලයේ විශේෂඥයෙකුගේ අත්සනක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට ද එම රැස්වීමේදී තීරණය වු බව ගම්මන්පිල මහතා කියා සිටියේය.

තව ද මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇති ව ඇති ගැටළු සම්බන්ධයෙන් ඉන්දිය මහකොමසාරිස්වරයා දැනුවත් කර හා ඒ පිිලිබඳව සාකච්ඡා කිරීමට යෝජනා වු බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *