• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කන්කසන්තුරේ වරාය කේන්ද්‍ර කර ගනිමින් භාරත දේශයට මගී හා භාන්ඩ සේවාව සඳහා නිල වශයෙන් අනුමැතිය හිමිවේ

11 July 2023
in සංවර්ධන

කන්කසන්තුරය වරාය කේන්ද්‍ර කර ගනිමින් මඟී හා භාන්ඩ ප්‍රවාහන සේවයක් නිල වශයෙන් ආරම්භ කිරීමට අදාළ අනුමැතිය ඊයේ (10) හිමිවිය.

ඒ සඳහා ශ්‍රි ලංකා රජය නියොජනය කරමින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් Lanka Trade Market (PVT) Ltd ආයතනයේ සභාපති නාගරත්නම් ජයතීපන් මහතා වෙත අදාල ලියවිල්ල භාර දීම රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්ත යන පිරිස ඉදිරියේදී වරාය නාව්ක හා ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදි.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ මෙම ආයෝජනය සාර්ථක වන විට මඟී හා භාන්ඩ ප්‍රවාහන සේවය මඟින් කලාපීය වශයෙන් ඉන්දියා සහ ශ්‍රි ලංකාව අතර ද්වීපාර්ශික සබදතාවය තවදුරටත් ශක්තිමත් වීමට සෘජුවම බලපාන බවයි. එසේම මෙම එක් ගමන් වාරයක් සඳහා රුපියල් 35000/- ක් වැනි මුදලක් වැය වන නිසා මෙය ඉතාම ලාභ සංචාරක ප්‍රවේශයක් බවත්, වරකට එක් මඟීයෙකුට කිලෝ 40 ක පමණ රැගෙන යා හැකි නිසා මෙය භාණ්ඩ ප්‍රවාහනය සහ ව්‍යාපාර කටයුතු සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් බව බවයි. එලෙසම නුදුරු අනාගතයේදීම කන්කසන්තුරය වරාය කලාපයේ ප්‍රධාන ප්‍රවාහන හා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු ඇති බව තමන් විශ්වාස කරන බව පවසන ලදි.

මෙම අවස්ථාවට වරාය සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Lanka Trade Market (PVT) Ltd සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වන ලදි.

 

Post Views: 31
Previous Post

වාඩිගල ගමත් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

Next Post

දරු ඵල ලබා ගන්න බිවු බෙහෙතින් පසු කාන්තාවක් මරුට

editor

editor

Next Post

දරු ඵල ලබා ගන්න බිවු බෙහෙතින් පසු කාන්තාවක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved