• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් කිසිම බේදයක් නැතිව වැඩ කල යුතුයි – ඇමැති වජිර

23 September 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන පරිපාලන විභාගයත් සමත්වෙලා රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් බෙදිලා නොසිතා තමන්ගේ ප්‍රදේශය, ජාතිය, භාෂාව, ආගම ගැන හිතන්නේ නැතිව වැඩ කරන්න ඕනෑ බවත් අපි එකම ජාතියක්, එකම ආගමක් එකම රටක් හැටියට වැඩකරන්න ඕනේ බවත් යාපනයේ හෝ වේවා ගාල්ලේ හෝ වේවා වතුකරයේ හෝ වේවා එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 19 වැනි දා මහනුවර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 1350ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය.

එහි දී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “දැනට තිබෙන පරිපාලනය වෙනස් කරලා මුළු රටේ ම ප්‍රාදේශීය පරිපාලනය නැගිට්ටවන්නට රජය සැළසුම් කර තිබෙනවා. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් උපදෙස් සහ මගපෙන්වීම යටතේ අපි ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරමින් සිටිනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවත්වාගෙන ගියාට මේවාට අවශ්‍ය පහසුකම් දශක ගණනාවකින් දීලා තිබුණේ නැහැ. බොහොමයක් කාර්යාල කුකුල් කූඩු වගේ. ඒවායේ නිලධාරීන්ට වාඩිවෙන්න ප්‍රමාණවත් ඉඩක් තිබුණේ නැහැ. ඇතුලේ තියෙන්නේ සංගීත පුටු තරඟයක්. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශීය ලේකම් ඉන්නේ ගරාජයේ. මේක ඉතා කණගාටුදායක තත්ත්වයක්. මේ නිලධාරීන්ට හරිහැටි වාඩිවෙන්න තැනක් නැතිව ඉඩකඩ නැතිව ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අමාරුයි. නිලධාරීන්ගේ ප්‍රශ්න අස්සේ ජනතාවගේ ප්‍රශ්නත් ගොඩගැහෙනවා. මේ ක්‍රමය අපි වෙනස් කරනවා. ඒ සඳහා රජයට ස්ථිර විධිමත් වැඩපිළිවෙලක් තිබෙනවා. මුලින්ම අපි දිස්ත්‍රික් පරිපාලනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තිබෙන්නේ ගෙදරක. ඉඩ ප්‍රමාණවත් නැහැ. රුපියල් කෝටි 4500ක් වියදම් කරලා අපි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණය හදනවා. යාපනයේ හදලා අවසන්, මන්නාරමේ හැදුවා. ඒ විතරක් නොවෙයි 2015 සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 180ක අලුතෙන් ගොඩනැගිලි ඉදිකරන්න පටන් අරගෙන දැන් අපි ගොඩනැගිලි 62ක වැඩ නිමකරලා ජනතා අයිතියට පත්කරලා අවසන්. ඒවා ගොඩනැගිලිවලට විතරක් සීමා කරන්නේ නැහැ අවශ්‍ය උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් සියල්ල දෙනවා. ඉන් පස්සේ නිලධාරීන්ට කියන්න බැහැ අපිට ඉඩ නෑ. පහසුකම් නෑ කියලා ඔවුන්ට තියෙන්නේ ජනතාවට සේවය කරන්න පමණයි. මේ සඳහා එක් එක් ආකාරයෙන් බෙදී වෙන්වෙලා කටයුතු කරන්න බැහැ. රජයේ සේවකයා රටේ ඕනෑම ප්‍රදේශයක රස්සාව කළ යුතුයි. තමන් පදිංචි ප්‍රදේශයේ ම වැඩ කරන්න කියලා නීතියක් නෑ. එහෙම කරන්නත් බැහැ. වතුකරයේ සිටින දෙමළ භාෂාව කතාකරන කෙනෙක් පරිපාලන විභාගය සමත්වෙලා ගාල්ලට ගිහින් වැඩ කරලා සිංහලත් ඉගෙනගෙන එන්න ඕනෑ. ගාල්ල මාතර අය යාපනයේ ගිහින් වැඩ කරලා ඒ සංස්කෘතිය හදාරලා දෙමළ ඉගෙනගෙන එන්න ඕනෑ. අපි එක රටක් එක ජාතියක් විදියට හිතන්න ඕනෑ.”
සමෘද්ධි සහනාධාරය අහිමිවූ ලක්ෂ අටක පමණ පිරිසක් රටපුරා හඳුනාගෙන ඇති බවත් දේශපාලන හේතූන් මත ඔවුන්ට ලැබිය යුතු හිමිකම් අහිමිවී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය. එවැනි පරිස් සඳහා මේ මොහොතේ හෝ කඩිනමින් සමෘද්ධිය ලබාදී ඔවුන්ට සිදුවූ අසාධාරණය සමථයකට පත්කළ යුතු බවත් සාධාරණය සොයා බැලිය යුතු වන්නේ ඉන් පසුව බවත් “ අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අවස්ථාව සඳහා දෙල්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිනි, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

Post Views: 9
Previous Post

සියලු පත්වීම් සුදුස්සන්ට පමණයි – ඇමැති මංගල කියයි

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ලේ හා යාපනයේදී

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ලේ හා යාපනයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved