• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදා එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ඇමරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත් වෙයි

5 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් මෙරටට පසුගිය 2021 ඔක්තෝබර් මාසයේදී පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව නිල වශයෙන් භාර දෙන දුන් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සිදුකල නවීකරණ කටයුතු වලින් පසු, ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා පසුගිය 03 වන දින ගමන් ඇරඹීය.

ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2021 ඔක්තෝබර් මස 26 වන දින නිල වශයෙන් භාර දීමෙන් පසු, පී 627 දරණ පෙනන්ට් අංකය (Pennant Number) යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්වූ අතර, නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු නිල නාමයක් යටතේ අධිකාරියට පත්කිරීමට නියමිතව ඇත.

‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ මෙම නෞකාව දිගින් මිටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වේ.

ඒ අනුව, මෙම නෞකාව නිල වශයෙන් භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැලපෙන පරිදි අවශ්‍ය තාක්‍ෂණික හා නවීන උපාංග එක් කර නවීකරණය කිරීමෙන් පසු, ශ්‍රී ලංකා නාවික හමුදා කාර්යය මණ්ඩලයක් විසින් පී 627 නෞකාව එහි නව නිවහන වන කොළඹ වරාය වෙත රැගෙන ඒම සඳහා, ඇමෙරිකාවේ සියැටෙල් වරායෙන් 2022 සැප්තැම්බර් මස 03 වන දින එරට වේලාවෙන් උදෑසන 0900 ට මෙලෙස ගමන් අරඹන ලදි.

පී 627 නෞකාව මාස දෙකකට ආසන්න දීර්ඝ මුහුදු ගමනකින් පසු 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇති අතර, එම ගමන් මගෙහිදී සැපයුම් හා සේවා අවශ්‍යතා සපයා ගැනීම සඳහා ඇමරිකාවේ හවායි හී හොනොලුලූ (Honolulu) වරාය, ඇමරිකාවේ ගුවාම් හී(Guam) අප්‍රා (Apra)වරාය, පිලිපීනයේ මැනිලා (Manila) වරාය හා සිංගප්පූරුවේ චැංගි (Changi) යන වරායන් වෙත සේන්දුවීමට නියමිතව ඇත.

තවද, සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621) සහ ‘ගජබාහු’ (පි 626) යන ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස මෙම ‘පී 627’ නෞකාව සනිටුහන් වෙයි.

 

 

 

 

Offshore Patrol Vessel P 627, the recent addition to SLN Fleet, sails for Colombo from Seattle, United States

 

The Offshore Patrol Vessel P 627, which was formally handed over to the Sri Lanka Navy by the U.S. Coast Guard in October 2021, departed for Sri Lanka from the Port of Seattle, United States on 03rd September 2022. The home bound journey began, after the modernization work of the ship to suit the operational needs of the Sri Lanka Navy.

 

Sri Lanka Navy officially took delivery of the EX-United States Coast Guard Cutter, USCGC Douglas Munro, provided by the United States, on 26th October 2021. Subsequently, she was designated with the Pennant Number P 627 in SLN Fleet and is scheduled to be commissioned with a particular ship name, after her arrival in Sri Lanka. Ex-USCGC Douglas Munro, the second ‘Hamilton Class High Endurance Cutter’, received by the SLN measures 115m in length, capable of attaining maximum speed of 29 knots and endurance of 14000 NM at cruising speed. Further, she has been designed for 187 of the crew and is equipped with state-of-the-art weapons and machinery.

 

Upon official taking over of the ship, she underwent certain modernization with devices and equipment, to suit the operational needs of the Sri Lanka Navy. Intending to join her home port, P 627, led by Sri Lanka Navy crew, set sail from the Port of Seattle at 0900hrs on 03rd September 2022.

 

After a long sea voyage spanning about 02 months, P 627 is expected to arrive at the Port of Colombo in the first week of November 2022 and during the passage from Seattle to Colombo she will make port calls at Honolulu in Hawaii, Apra in Guam, United States, Manila in Philippine and Changi in Singapore for replenishment and services.

 

In the same vein, SLN received SLNS Samudura (P 621) and Gajabahu (P 626) the Offshore Patrol Vessels from the U.S. Coast Guard on previous occasions with a view to strengthening and developing partnerships to overcome common maritime challenges at sea. The delivery of P 627 will also be a symbol of further consolidation of such partnerships and camaraderie.

 

Post Views: 5
Previous Post

උත්තර ලංකා සභාගය ජනගතයි..! සභාපති විමල් …!

Next Post

තම අමාත්‍යංශයේ සෑම ආයතනයක්ම විගණනයකට ලක් කරනවා – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

තම අමාත්‍යංශයේ සෑම ආයතනයක්ම විගණනයකට ලක් කරනවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved