• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔලබොඩුව රාජමහා විහාරස්ථානයෙන් පවුල් 4000 කට වියලි ආහාර බෙදා දෙයි

10 August 2022
in දේශීය

හොරණ, ඔලබොඩුව ප්‍රදේශයේ ජීවත් වන පවුල් 4000කට ආසන්න ප්‍රමාණයකට අත්‍යාවශ්‍ය වියලි සලාක මලු බෙදාදීමක් ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන මඟින් පසුගිය 07 වනදා එම විහාරස්ථානයේදී පැවැත්විණි.

ඔලබොඩුව රාජ මහා විහාරාධිපති, තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, කර්මස්තානාචාර්‍ය, ගෞරව ශාස්ත්‍රවේදී, උඩුවේ හේමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ඔලබොඩුව රාජමහා විහාර භාරකාර, ඉතාලි මිලානෝ ලංකාරාමාධිපති, වීදියගොඩ ශ්‍රී සාමග්‍රි සංඝ සභාවේ ප්‍රධාන ලේඛාධිකාරි, මහාවිහාර වංශික සත්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ,බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය, ශාස්ත්‍රපති, පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ දායක පිංවතුන්ගේ සහභාගීත්වයෙන් මෙම කර්තව්‍ය සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා දායකත්වය සපයන්නේ ඉතාලි බෞද්ධ සංගමය (U.B.I) විසින් අතර ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති අපේම සහෝදර ජනතාව වෙත හැකි පමණින් ශක්තියක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. මෙම වියලි සළාක බෙදාදීම සඳහා රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වැය කෙරේ.

ඔලබොඩුව රාජ මහා විහාරස්ථානය කෙන්ද්‍රකරගෙන සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමු අදියර යටතේ වියලි සලාක බෙදාදීම සිදු කරනු ලබන අතර දෙවන අදියර යටතේ සිසු දරු දැරියන්ට පාසල් උපකරණ බෙදාදීම සිදු කිරීමට නියමිතයි.

මේ අතර දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාවටද මෙම වියලි සලාක මළු බෙදාදීම සිදු කෙරන අතර පොළොන්නරුව, මොණරාගල, ගම්පහ, බදුල්ල ප්‍රදේශවල ජනතාවට මෙම වියලි සලාක ලබා දීමට නියමිතයි. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඔලබොඩුව, තලගල, කහටපිටිය යන ග්‍රාම සේවා වසම්, පොළොන්නරු දිස්ත්‍රික්කය වැලිඔය මල්විල ග්‍රාමය, බදුල්ල දිස්ත්‍රික්කය පස්සර ,කරගස් කඳුර ග්‍රාමය, මොණරාගල දිස්ත්‍රික්කය, සෙවනගල, නව උදාගම ග්‍රාමය, මාතර ,දිස්ත්‍රික්කය, හක්මන, උඩුපිල්ල ගොඩ ග්‍රාමය, කළුතර දිස්ත්‍රික්කය, මතුගම, පැලවත්ත, පහල හෙවෙස්ස ග්‍රාමය, ගම්පහ, දිස්ත්‍රික්කය, මීරිගම, නාල්ල, මල් වෙල වත්ත ග්‍රාමය යන දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් මෙම සමාජ සත්කාර වැඩසටහන ක්‍රියාත්මකයි.

Post Views: 20
Previous Post

කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවත් කෙරේ – ඇමැති මනූෂ

Next Post

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබඳ සංවාදයක් මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගාසිටුවීමේ මාවතක් ලෙස ආදායම් උත්පාදනය පිළිබඳ සංවාදයක් මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved