කඹුරුපිටිය, සපුගොඩ, ඉලංගම්ගොඩ රජමහා විහාරාධිපති, ශාස්ත්‍රපති, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක පදවිය සඳහා විධායක කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් තේරී පත්වී තිබේ.
පරිවේණාධිපතිවහන්සේ නමක ලෙස මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙසද සේවය කර ඇති උන්වහන්සේ, මාතර රන්දූපත උපෝසථාගාරය ඉදිකිරීමට මුල්ව කටයුතු කළ අතර ජාතික, ආගමික හා ආපදා අවස්ථාවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළ යතිවරයන් වහන්සේනමකි.
















