කොළඹ 04 යුනිට් ප්ලාසා ගොඩනැගිල්ල සහ දේපළ හිමි ‘ඔන් ඇලි හෝල්ඩින්ග්ස්’ (ON’ALLY HOLDINGS PLC) සමාගමේ දැවැන්ත කොටස් ගනුදෙනුවක් අද (22) පෙරවරුවේ වාර්තා වී තිබේ.
එහිදී එම සමාගමේ 50.886%ක පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලැබූ ‘ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස්’ (LANKA REALTY INVESTMENTS PLC) විසින් සිය කොටස් හිමිකාරීත්වය විකුණා ඇත. මෙම ගනුදෙනුව යටතේ කොටස් 47,325,368ක් එක් කොටසක් රු. 47.80 බැගින් අලෙවි වී ඇති අතර, එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.26කි. මෙම දැවැන්ත ගනුදෙනුවත් සමඟ අද පෙරවරු 11.00 පමණ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.5 ඉක්මවා තිබුණි.














