• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති තීන්දු ගන්නේ කාගේ උපදෙස් අනුවද – ජවිපෙට ප්‍රශ්ණයක්

12 August 2021
in දේශීය

රටේ පවතින කොරෝනා අර්බුදය අනුව ජනාධිපතිවරයා තීරණ ගන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුවද නැත්නම් හමුදාපතිවරයා හෝ බුද්ධි අංශවල තොරතුරු අනුවද කියලා ගැටලුවක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවේද පවසා සිටියේ මෙතරම් ව්‍යසනකාරී තත්වයකට රට පත්ව තිබියදීත් වසංගත රෝග විශේෂඥයින්ගේ අදහස් ආණ්ඩුව පැත්තකට දමා ඇත බවයි

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පල කල සුනිල් හදුන්නෙත්ති මහතා “ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ විශේෂඥයින් අනතුරු අඟවන්නේ ඉදිරි දින 20 ඇතුළත 1200ක පමණ පිරිසක් මිය යා හැකි බවට. සුරේෂ් අංගම්පොඩි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා මේ වගේ ප්‍රක්‍ෂේපණයක් ඉදිරිපත් කර තිබෙනවා. දින 05ක් ප්‍රමාද නොවී සංචරණ සීමා දැඩි කිරීම හෝ ඊට වඩා වැඩි තීරණ ගත යුතු බව විශේෂඥයන් ප්‍රකාශ කරන අතර සමහර ඇමතිවරුන් ජනතාව දෙවියන්ට භාර දෙන්න හදනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය ප්‍රකාශ කර තියෙන්නේ තීන්දු-තීරණ ගන්න අය තමන්ගේ මතය ප්‍රයෝජන නොගන්නා බවයි. රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන හමුවට සෞඛ්‍ය ඇමතිවරිය කැඳවන්නේ නැහැ. විශේෂඥයින්ගේ මතය කුණු කූඩයට දාලා. ආණ්ඩුවේ බොහෝ දෙනා තීරණ ගනිමින් ඉන්නේ මොළේ උඩ වාඩි වෙලා. විශේෂයෙන් ජනාධිපතිවරයා තීරණ ගන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුවද නැත්නම් හමුදාපතිවරයා හෝ බුද්ධි අංශවල තොරතුරු අනුවද කියලා ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවේ උද්දච්ඡ හිතුවක්කාර තීන්දු-තීරණ විසින් වසංගතයේ බරපතළකම බිහිසුණු වී තිබෙනවා. රටේ ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අපි හිතනවා. ආණ්ඩුව සොයමින් ඉන්නේ වසංගතයට මුහුණ දීම ගැන නෙවෙයි, මිය යන අයට ආදාහනය කිරීම ගැනයි. ඒ නිසා ජනතාව මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව අද බඩු මිල වැඩිවන විට ආදායම වැඩි නොවන මිනිස්සුන්ට ජීවත් වීම සඳහා පාරට බහින්න සිදුවෙලා තිබෙනවා. පොලිම්වල ලගින්න සිදුවී තිබෙනවා. ආණ්ඩුව මිනිස් ජීවිත ගැන වගකීමක් නොකියන නිසා ජනතාවට වගකීම ගන්න සිද්ධවෙලා තියෙනවා. ජනතාව හැටියට ජීවත් වෙන්න අරගල කරන අතරෙම මේ රෝගයෙන් ගැලවීමේ ක්‍රමෝපායන් අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ ජීවිතත් බේරා ගැනීමේ වගකීම අපිම දරාගත යුතු වෙනවා. මියයන ජීවිතවල වගකීම ඒ මිනිස්සු පිටම පටවන තත්වයක් ආණ්ඩුවේ තියෙන්නේ. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය රැස් කරන්නේ ජනතාව වෙනුවෙන් තීන්දු-තීරණ ගන්න නෙවෙයි. “ යැයි සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 61 ක තාක්‍ෂණික උපකරණ පරිත්‍යාගයක්

Next Post

PCR සඳහා නිර්දේශ ගාස්තුවට වඩා අයකෙරෙනම් 1977 ට දැනුම් දෙන්න

editor

editor

Next Post

PCR සඳහා නිර්දේශ ගාස්තුවට වඩා අයකෙරෙනම් 1977 ට දැනුම් දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved