ගාලු මුවදොර (Galle Face) මුහුදේ නෑමට ගොස් ප්‍රබල රළ පහරකට හසුවී සිටියදී මුදාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ළමයින් දෙදෙනාගෙන් එක් අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.
මේ අතර, මෙම අනතුරට මුහුණ දී මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන් වූ අනෙක් දරුවා සොයා නාවික හමුදාව සහ පොලිසිය එක්ව තවදුරටත් විශේෂ සෙවීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.















