27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ ගෙවතු වගා ලක්ෂයක්

මධ්‍යම පළාතේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම සහ ආහාර සුලභ කිරීමේ අරමුණින් මධ්‍යම පළාත පුරා ගෙවතු ලක්ෂයක් ඇති කිරීමටත් පියවර ගැනීමට සැලසුම් කොට ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

වැඩිදුර අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාතේ ඉඩම් හිමි සියලු දෙනාට හැකි සෑම බිම් අගලකම හැකි දෙයක් වගා කරන ලෙසත් , අස්වද්දනු නොලබන සියලු කුඹුරු මසක් ඇතුලත අස්වද්දන ලෙසත් ඉල්ලා සිටි ගමගේ ආණ්ඩුකාරවරයා එසේ නොවන සියළු බිම් තාවකාලිකව නිශ්චිත ක්‍රමවේදයක් යටතේ රජයට පවරා ගැනීමටත් , ඒවායේ වගා කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කොට ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය රජයට යෝජනාවක් ලෙස යොමු කරන බවත් , එම වැඩපිළිවෙල කඩිනමින් මධ්‍යම පලාතෙන් ආරම්භ කරන බවත් පැවසිය.

පරිසර දිනයට සමගාමීව මධ්‍යම පළාතේ වගා දිනයක් ප්‍රකාශයට කිරීමටත් පළාත් ආණ්ඩුකාරවර කෘෂි නවෝදය වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරමින්, ආහාර සුලභ කිරීම සදහා මධ්‍යම පළාතේ සියලු රාජ්‍ය ආයතන , අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ මෙන්ම තරුණ ජවය ද එකතු කිරීමට අවධානය යොමු කෙරේ. එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා සතියේ එක් දිනක් භෝග වගාව සදහා යොදාගැනීමට ද මෙහිදී යෝජනා විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පවතින අභියෝගකාරී ආර්ථික වතාවරණය තුල හෙට දවස වෙනුවෙන් අද සිටම සියලු දෙනා එක් ව වැඩ කළ යුතු බවයි.

දේශීය ආර්ථිකය කෙතරම් ශක්තිමත් ව පැවතුනා ද යන්න අතීතය දෙස හැරී බැලූ විට පසක් වන බවත් , ලෝකයේ දියුණු රටවල් වලට පවා සහල් අපනයනය කළ අප රට අද වන විට ‍විදේශයන්ගේ ආනයන මත යැපීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත් , වර්තමාන තරුණ පරපුර දායක කර ගනිමින් දේශීය ආර්ථීකය සවිබලගැන්වීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීම සිදු කළ යුතුව පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *