27 April 2024
#දේශීය

රංජන් නැති එක අඩුවක් – විපක්ෂනායක කියයි

රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව කාගේත් ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (26) අගුනකොලපැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

රංජන් රාමනායක මහතාට එරෙහිව කිසිදාක මුල්‍ය චෝදනාවක්,අල්ලස් චෝදනාවක්, මහජන දේපල සොරකම් කළ චෝදනාවක් එල්ල වී නැති බවත්, තමන් ළඟ ඇති දේ පවා මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ මානවවාදියෙකු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ නොනවතින උවමනාවක් රංජන් රාමනායක මහතා තුළ පැවැති බවත්, බොහෝ ව්‍යසන අවස්ථාවන්වලදී රංජන් රාමනායක මහතා දෙවරක් නොසිතා ජනතාව වෙනුවෙන් පෙරට ආ බව හෙතෙම පැවසිය.

සානුකම්පිත, මානුෂීය සහ සෞඛ්‍යමය කාරණාද මුල්කොටගෙන රංජන් රාමනායක මහතා වෙනුවෙන් මැදිහත් වනලෙස විපක්ෂ නායකවරයා අධිකරණ අමාත්‍යවරයාගෙන්ද ඉල්ලා සිටියේය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා එම ඉල්ලීම් ප්‍රකාරව රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනම් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *