27 April 2024
#දේශීය

විවාහ උත්සව සඳහා සහභාගි විය හැක්කේ 50 කට පමණයි – යුධ හමුදාපති

විවාහ උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 50 දක්වා අඩු කර ඇත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කොවිඩ් පාලන උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මීට පෙර එම සංඛ්‍යාව උත්සව ශාලාවේ ආසන 500ට වැඩි නම් 150ක් ලෙස ද ආසන 500ට අඩු නම් පුද්ගලයින් 100ක් ලෙස ද පැවතුනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *