• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරාජය කළේ වාර්තාව පමණයි – පනතට නෙමෙයි

31 August 2018
in දේශීය
පළාත් සභා මැතිවරණයට අදාලව නව ක‍්‍රමවේදයක් හදුන්වා දීමේ වැඩපිළිවෙලට විරුද්ධ නොමැති බවත්, ඊට අදාලව සීමා නීර්ණය කර තිබූ ක‍්‍රමදෙව්යට පමණක් විරුද්ධ බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

නියම ක‍්‍රමවේදයක් මත ජනතාවාදී පළාත් සභාවක් නිර්මාණය කිරීම සියළු දෙනාගේ අභිප‍්‍රාය බවත්, සීමා නීර්ණය කර තිබූ ක‍්‍රමවේදවය අනුමත කළේනම් නිර්මාණය වන්නේ අවුල් සභාවක් බවත් ඒ මහතා පැවැසීය.

දියවර නෑයෝ දෙවන අදියර පුත්තලම ඉගිිනිමිටියේදී ආරම්භ වීමට නියමිත අතර, ඊට අදාලව ඉගිනිමිටිය ගොවි සංවිධාන 22 ක නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. සැප්තැම්බර් 08 දා සිට 30 දා දක්වා දියවර නෑයෝ වැඩසටහන කි‍්‍රයාත්මකය. ඉගිනිමිටිය ඇතුළු පුත්තලම් දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටළු සම්පූර්ණයෙන් විසදීම මෙම වැඩපිළිලේ අරමුණයි.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාල ආයතන ඒකාබද්ධ වෙමින් ගොවි ජනතාවගේ යෝජනා හා අදහස් අනුව ගැටළුවලට විසදුම් ලබාදීමේ ක‍්‍රමවේදය මෙම වැඩපිළීවෙලේ විශේෂත්වයි. එමෙන්ම වැඩසටහනට සමගාමීව දිනපතා කවි මඩු පැවැත්වීමටත්, ගොවි ජනතාවගේ සාහිත්‍ය හා සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ. ගොවි ජනතාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහන මිල ගණන් යටතේ ලබා දීමටද මෙහිදී විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මකය. ගොවි ගම්මාන 22 ක දරු දැරියන් ඒකරාශී කරමින් වාරි මිතුරු පරිසර ළමා සමාජ පිහිටුවීම හා එම වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාමේ ව්‍යාපාරයක්ද මේ යටතේ කි‍්‍රයාත්මක අතර, එහි අරමුණ වන්නේ පරිසර හිතකාමී වාරි ශිෂ්ඨාචාරය පිළිබඳ ළමා පරපුර දැනුම්වත් කිරීමයි. ගොවීන් වෙත ප‍්‍රතිලාභ රැසක් මේ යටතේ ලබා දීමට නියමිතයි.

අමාත්‍ය දුමින්ද දිසානායක, පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන්, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ද ගොවි සංවිධානවල නිලධාරීන් ගොවි මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම සාකච්ඡුාවට එක්වූහ.

Post Views: 15
Previous Post

දැන් ගහන්නේ හයියෙන් – අගමැති රනිල් කියයි 

Next Post

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි – ඇමැති පාඨලි 

editor

editor

Next Post

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි - ඇමැති පාඨලි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved