කැනඩාවේ ඔන්ටෑරියෝ (Ontario) ප්‍රාන්තයේ ලැව්ගිනි හෙක්ටයාර 735,000ක් (අක්කර මිලියන 1.8ක්) දක්වා වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවත්, මේ වන විට ප්‍රාන්තය පුරා සක්‍රීය ලැව්ගිනි 190ක් පවතින බවත් අගමැති ඩග් ෆෝර්ඩ් (Doug Ford) පවසයි. ලැව්ගිනි හේතුවෙන් ඔන්ටෑරියෝ වයඹදිග ප්‍රදේශයේ ජනතාව 1,800කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට කැනේඩියානු සන්නද්ධ බලකායන් පියවර ගෙන තිබේ.
ලැව්ගිනිවලින් නිකුත් වන අධික දුමාරය හේතුවෙන් කැනඩාවේ පමණක් නොව අමෙරිකාවේ මිඩ්වෙස්ට් (Midwest) කලාපයේ විස්කොන්සින්, ඉලිනෝයි, ඔහියෝ ඇතුළු ප්‍රාන්ත රැසක වායුගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පහත වැටී ඇත. මේ අතර, කැනඩා අගමැති මාක් කාර්නි (Mark Carney) වෙත චෝදනා කරමින් ලැව්ගිනි පාලනය නොකළහොත් කැනේඩියානු භාණ්ඩ මත තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශය, ඔන්ටෑරියෝ අගමැති ඩග් ෆෝර්ඩ්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















