හදිසියේ අසනීප වී මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුගේ මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වීම හේතුවෙන්, ඔහුගේ මරණය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඩී. සමරවීර මහතා විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත 2025 නොවැම්බර් 22 වන දින සිට බන්ධනාගාරගතව සිටි ගාල්ල විද්‍යාලෝක පෙදෙසේ පදිංචි 51 හැවිරිදි එරමුදුගොඩගේ සුනිල් නමැති අයෙකි.
ඉකුත් (28) උදෑසන හදිසියේ රෝගී වීම හේතුවෙන් ඔහුව කරාපිටිය රෝහල වෙත රැගෙන ගියද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා තහවුරු කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුරේ බාහිර තුවාල කිසිවක් නොමැති බව තහවුරු වූ නමුත්, මුත්‍රා සාම්පල පරීක්ෂාවේදී මත්ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය විය.
වැඩිදුර පරීක්ෂණ සඳහා රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පොලිසියට උපදෙස් ලබා දුන්නේය.
ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් සරත් මහතා සාක්ෂි මෙහෙයවීය.
















