• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

C.W.W කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව ජනපති අතින් විවෘත කරයි

10 July 2018
in ක්‍රීඩා

ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබෙන ජාතික වීරයන්ගේ පිළිරුව අතරට එක්වූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (10) පෙරවරුවේ විවෘත කෙරිණි.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ට ලබාදිය හැකි ඉහළම ගෞරව පුදකරමින් ජනාධිපති කාර්යාලයේ සහ සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් මෙම පිළිරුව ඉදිකර තිබේ.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඉටුකරන ලද මෙහෙවර අනුපමේය වේ.

කන්නන්ගර ශ‍්‍රීමතාණන් ජාතියට උරුම කර දුන් අසීමිත ජයග‍්‍රහණ සියල්ල අපට ලබාදුන්නේ එදා අධිරාජ්‍යවාදීන්ට ගැතිව වරප‍්‍රසාද භුක්ති විදි පිරිසගේ අප‍්‍රමාණ විරුද්ධ බලවේග මධ්‍යයේ ජීවිතය පරදුවට තබමිනි. එවකට සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේ, බෞද්ධ නායකයන් හා ජනතා හිතෛෂි පිරිස් එතුමාට සහාය දැක්වූ අතර, නොපමාව නිදහස් කරගත යුතු අපේ ජාතිය නැවත කිසිවෙකුට අත නොපා, ගැති නොවී අභිමානයෙන් යුතුව නඟ සිටුවිය යුතු බවත් එම වැදගත් මෙහෙවර ඉටුකර ගත හැක්කේ අධ්‍යාපනය තුළින් බවත් එතුමා තරයේ විශ්වාස කළේය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය විද්‍යාල සංකල්පය බිහි විය. නේවාසිකාගාර සහිත මධ්‍ය විද්‍යාල බිහිකරමින් ගම කේන්ද්‍ර කොට ගත් මහා අධ්‍යාපන සරසවිය බවට මධ්‍ය විද්‍යාල පත් කිරීමෙහිලා එතුමා පුරෝගාමී විය. සෑම මැතිවරණ කොට්ඨාසයකම අඩු වශයෙන් එකක් බැගින්, නේවාසිකාගාර, අත්කම් ශිල්පීය පුහුණු පහසුකම්, කී‍්‍රඩාපිටි, පුස්තකාල ආදි සියලු පහසුකම්වලින් යුත් උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍ය විද්‍යාලය පිහිටුවීමට එතුමා පුරෝගාමීව කටයුතු කළේ ය.

එසේම දක්ෂ විදුහල්පතිවරුන් තෝරා ගැනීමට ද වගබලා ගත් එතුමා දක්ෂ ගුරුවරුන් සොයා බලා පත් කළේය. මූලික අධ්‍යාපනය සලසා දක්ෂ දරුවන් මධ්‍ය විද්‍යාලවලට යොමු කළේය. එමඟින් රටපුරා සුවිශාල අධ්‍යාපන ප‍්‍රබෝධයක් ඇති කළේය. සීමිත සම්පත්වලින් උපරිම ඵල නොළා ගැනීමට හැකිවන අයුරින් මධ්‍ය විද්‍යාල සංකල්පය පුළුල් කිරීමට එතුමා මහත් ධෛරයකින් කටයුතු කළේය.

සමරු ඵලකය නිරාවරණය කර සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර පිළිරුව විවෘත කළ ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දැක්වී ය.

අනතුරුව පැවති උත්සව සභාවේදී සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධර්මසේන කහඳව මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද උත්සව සභාව ඇමතීය. සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් නීතිඥ ඒ.පී.ඒ. ගුණසේකර මහතා අදහස් දැක්වීය.

සියම් නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ද, විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 27
Previous Post

ලැයිස්තුවලට රස්සාවල් දෙන්නේ නෑ

Next Post

දුන්නු දෙයක් නෑ

editor

editor

Next Post

දුන්නු දෙයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved