• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුන්නු දෙයක් නෑ

11 July 2018
in දේශීය

සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට තවත් බොහෝ දේ සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරිය හා නිලධාරීන් ප‍්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

සංවර්ධන සැලසුම් හා ඒවායේ ප‍්‍රතිලාභ හා වැදගත්කම පිළිබඳ ජනතාවද දැනුම්වත් විය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේ ආණමඩුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දුෂ්කර ප‍්‍රදේශ වෙත ප‍්‍රතිලාභ කඩිනමින් ලබා දිය යුතුයි. ලබා නොදෙන්නේනම් කෙසේ හෝ ලබා ගත යුතුයි. පසුගිය රජයන් සමයේ ආණමඩුව වැනි දුෂ්කර ප‍්‍රදේශවලට ලැබුණේ මොනවාදැයි විමසා බැලිය යුතු බවද ඔහු අවධාරණය කළේය. වර්තමානයෙන් ආණමඩුව තුළ කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කර ඇති බවත්, ඒ සියල්ලත් මෙන්න ගන්නැයි කියා ලබා දුන් දායාදයන් නොවන බවද අමාත්‍යවරයා කියා සිටියේය. ආණමඩුව කාර්මික විද්‍යාලය, කරුවලගස්වැව විශ්වවිද්‍යාලය, පාසල් 09 ක් ජාතික පාසල් ලෙස උසස් කිරීම හා තවත් පාසල් 87 ට පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය, වාරි නවෝදය, මාර්ග, ස්වයං රැකියා, කෘෂිකාර්මික වැනි ව්‍යාපෘති රැසක් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ප‍්‍රතිලාභ ලබා ගැනීමට තමන් මහත් කැප කිරීමක් සිදු කළ බවයි. එබැවින් මහන්සියේ තරමට ජනතාව ප‍්‍රතිලාභ භුක්ති විදිනවා දැකීම තමාගේ අභිප‍්‍රාය යැයිද ඔහු සඳහන් කළේය.

ආණමඩුව මැතිවරණ කොට්ඨාශය අයත් වැව් සංවර්ධනය කරමින් කෘෂිකර්මාන්තය හා පානීය ජලය සැපයීම පිළිබඳ මෙහිදී වැඩි අවදානයක් යොමු විය. එමෙන්ම රුපියල් මිලියන 8500 ක වියදමින් ආරම්භ කෙරුණූ පානීය ජල ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳද මෙහිදී සාකච්ඡා සිදු විය.

Post Views: 30
Previous Post

C.W.W කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව ජනපති අතින් විවෘත කරයි

Next Post

ඉන්දියානු සහයෙන් මැලියම් නිෂ්පාදනය දියුණු කරයි

editor

editor

Next Post

ඉන්දියානු සහයෙන් මැලියම් නිෂ්පාදනය දියුණු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved