27 April 2024
#ව්‍යාපාර

OPPO F9  ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හදුන්වා දෙයි 

OPPO F series දුරකථන එකතුවේ නවතම දුරකථනය වන OPPO F9 දැන් ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම ඊයේ (04) කොළඹදී සිදු කෙරිණ.  OPPO F9 හි ඇතුළත් සුවිශේෂී අංගයක් වන VOOC Flash Charging මගින් විනාඩි 5 ක ආරෝපණයකින් පැය 2 ක කතා කාලයක් හිමිවන අතර ලොව ප‍්‍රථම වරට දුරකථනයක Gradient Color Design සමග Waterdrop Design  හඳුන්වා දී තිබේ. 

Sunrise Redසහ Twilight Blue වර්ණ සංයෝගයන්ගෙන් පැමිණෙන මෙම දුරකථනය රු. 54,990 කට මිලදීගත හැක. එළඹෙන සැප්තැම්බර් 08 වන දින ලිබර්ටි ප්ලාසා හිදී පැවැත්වෙන OPPO Fans meet-up වැඩසටහනේදී මෙන්ම දිවයින පුරා විසිරි සිටින අලෙවි නියොජිතවරුන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ. 

6.3″ ‘Waterdrop Screen’ නිමාව, ඉහළ screen to body ratio අනුපාතය (90.8%*, සුවිශේෂී Gradient වර්ණ සහ 3500 ප්ය බැටරිය වැනි අංග රැසක් සමගින් පැමිණෙන OPPO F9 සුපුරුදු ලෙසම Selfie විශිෂ්ටත්වය මෙන්ම අධිවේගයෙන් ආරෝපණය වන, දිගු කල් පවතින බැටරියක් සමගින් ලබාගත හැක. 

ශ‍්‍රී ලංකාව තුළ  OPPO F9 නිල වශයෙන් හඳුන්වා දීමේ අවස්ථාවට ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන රවීන් කනිෂ්ක සහ ‘සිඳු’ ටෙලි නාට්‍යය ඔස්සේ බෙහෙවින් ජනප‍්‍රිය වූ මනීෂා චංචලා ද සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *