• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පී.සී.ආර්.පරීක්ෂණ ප්‍රතිඵල අනුව කඩිනමින් නිවෙස් බලා යාමට අවස්ථාව

16 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට තීරණය වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විය. සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග , ගුවන් තොටුපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණි.

ඉදිරි සති දෙක තුළදී අදාළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ සථාපිත කර ඇති රසායනාගාරයේ පහසුකම් ඉහළ නැංවීමටද පියවර ගැනේ.

එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.

මේ අතර පැය තුනක පමණ කාලයක් තුළ එවැනි පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි බවත්, ඒ අනුව එම කාලය තුළ පුද්ගලයින් 600 ක් පමණ පරීක්ෂණයනට ලක් කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් විශ්ලේෂණය කරමින් සංචාරක ව්‍යාපාරය ඇතුළු රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන් සඳහා යම් යම් ලිහිල් වීම් සිදුවිය යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ලෝක ප්‍රවණතාවය මෙන්ම මෙරට ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති වලට අනුගත වෙමින් ක්‍රියාත්මක කළ හැකි උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රටේ ආසාදිතයින් සංඛ්‍යාව,මරණ සංඛ්‍යාව,ඔක්සිජන් භාවිතය යන කරුණු වලට සාපේක්ෂව යම් යම් ලිහිල් කිරීම් සිදු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 

ජනතාවට අපහසුකම් අවම වන පරිදි එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින්ම ක්‍රියාත්මක වන ලෙසින් කොවිඩ්ඩ් පාලනය සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් කීය.

 

එහිදී අදහස් දැක්වූ සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ කීය. කොවිඩ් පාලනය කරමින් ලොව බොහෝ රටවල් මේ වන විට සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීමට තරඟකාරීව මුහුණ දී සිටිනවා. එම තරඟකාරීත්වයට එක් වීමට නම් රටක් ලෙස සංචාරක ක්ෂෙත්‍රයට අවශ්‍ය තවත් පහසුකම් එක් කළ යුතුය. මාලදිවයින , තුර්කිය වැනි රටවල් මේ වන විටත් සංචාරක ආකර්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇති අතර , අප එම ක්‍රමවේද හඳුනාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම සඳහා කටයුතු කළ යුතුය.

සංචාරක කර්මාන්තයට අදාළව දැනට ත්‍රියාත්මක කරන බොහෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ එන්නත්කරණ වැඩපිළිවෙල මෙරටට හඳුන්වා දීමට පෙර ක්‍රියාත්මක කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ අනුව එම මාර්ගෝපදේශ පිළිබඳව යළි සලකා බලන්නැයි ඉල්ලා සිටියේය.

ගුවන්තොටුපළෙහි මේ වන විට පවතින ගැටලු හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළ බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මෙහිදී කීය.

ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු කටයුතු සඳහා උපරිම පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අවහිරතාවයකින් , අපහසුතාවයකින් තොරව නිවෙස් කරා යාමට අවශ්‍ය වැඩපිළිවෙල එමගින් උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීය.

මේ අතර සංචාරක , ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රයන්හි ඇතිවන ගැටලු පිළිබඳව හා ඇතිවන තත්ත්වයනට සාපේක්ෂව සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව සෞඛ්‍ය අංශ හා එක්ව සති දෙකකට වරක් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර) වෛද්‍ය සුදත් ධර්මරත්න , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන ‍සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්.එම්.ආර්නල්ඩ් යන මහක්වරුන් සහභාගි විය.

 

Post Views: 0
Previous Post

නීති විරෝධි රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 1162ක් සමඟ සැකකරුවන් ‍02ක් නාවික හමුදා භාරයට

Next Post

රත්වත්තේ ගැන පැමිණිල්ල වහාම විමර්ශනය කරන්න – ඇමැති සරත්

editor

editor

Next Post

රත්වත්තේ ගැන පැමිණිල්ල වහාම විමර්ශනය කරන්න - ඇමැති සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved