27 April 2024
#දේශීය

දෝෂ සහිත ගෑස් සිලින්ඩරය දී අලුත් එකක් ගන්න අවස්ථාව – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

පාරිභෝගිකයින් විසින් භාවිතා කරන ලද, වුවත් එහි ගෑස් අවසන් නොවු දෝෂ සහිත සැක සහිත ගෑස් සිලින්ඩර සඳහා යළි භාරදීමට කැමැති පාරිභෝගිකයින්ට ඒ් සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ගෑස් සමාගම් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කර ඇත.

ඒ් අනුව ගෑස් සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙලෙඳපල මිලට අනුව ගණනය කොට එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩු කල යුතු බවට ලිට්‍රෝ ලංකා ලිමිටඩ් සහ ලාෆ් ගෑස් පි.එල්.සී යන ආයතන වෙත දැනුම් ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසිය.

ඒ් අනුව ගෑස් බෙදාහරින්නන් හෝ නියෝජිතයින් විසින් ගෑස් සිලින්ඩර ආපසු හාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේනම් ඒ් පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුවත් කරන ලෙස මහජනතාවට දැනුම් දෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *