27 April 2024
#දේශීය

රටේ සංවර්ධනය දරාගත නොහැකිව විපක්ෂය අවලාද කියනවා – රාජ්‍ය ඇමැති අනුරාධ

කොරෝනා නෙවෙයි මොන ව්‍යයසන තිබ්බත් සංවර්ධනය වගේම ජනතාව බලාපොරොත්තු වන සියලු කාරණා ඉදිරියට ගෙනියන්න රජයක් විදියට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කටයුතු කරන බව වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) ගම්පොල ප්‍රදේශයේ විශේෂ ජල ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම අවස්ථාවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානිය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්දන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ අනුරාධ ජයරත්න මහතා ” රටේ ජනතාවගේ මූළික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න බැරිනම්,ලයිට් ටික වතුර ටික දෙන්න බැරි නම් ඇති වැඩක් තියෙනවද…..එක තේරුම් ගත්ත නිසා තමයී ගෝඨාබය ජනාධිපති තුමා බිම් මට්ටමේ ඉඳල වැඩ කරන්න “ගම සමග පිළිසරණක්” තුලින් ඔබේ ගමටම එන්නේ.එහිදී ගමෙන් ලැබෙන අදහස් තමයි රාජ්‍ය අමාත්‍යාංශ වල යෝජනා විදිහට ක්‍රියාත්මක වෙන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
කෙරෝනා ව්‍යාසනය එක්ක අපේ රටේ හැම පැත්තක්ම කඩා ගෙන වැටිලා. සංචාරක ක්ෂේත්‍රයේන් රජයට ලැබෙන ආදායම් එහෙම්පිට්න්ම නැතිවෙලා. රජයට ලැබෙන ආනයන බදු මුදල් සේරම අහිමි වෙලා.නමුත් එහෙමයි කියල ජනාධිපතිතුමාවත් අගමැතිතුමවත් රටේ සංවර්ධන කාර්ය නතර කලේ නෑ. නමුත් කොරෝනා නෙවෙයි මොන ව්‍යයසන තිබ්බත් සංවර්ධ වගේම ජනතාව බලාපොරොත්තු වන සියලු කාරණා ඉදිරියට ගෙනියන්න රජයක් විදියට ජනාධිපතිතුමත් අගමැතිතුත් කටයුතු කරන බව ඔබ සියලුම දෙනාට මා මතක්කර සිටිනවා . විපක්ෂය මේවා ගැන විවිධ මතවාද හදනවා.සමහර විපක්ෂ දේශපාලන කණ්ඩායම් විවිධ මතවාද හදනවාට සමහරු විවිධ දේවල් කියන්න උත්සහ කළා. අධීවේගී මාර්ගයක් හදනකොට ගහක් පෙන්නලා කිව්වා. අධිවේගී මාර්ගය නතර කරන්න කියලා. ඒක වෙනස් කරන්න බිලියන 88ක් යනවා. මේ සල්ලි ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමාගේ සාක්කු වෙන් එන සල්ලිද? අපේ සාක්කුවෙන් එන සල්ලිද නැහැ. මේවා අපේ මහජනතාවගේ සාක්කුවෙන් එන සල්ලි. අද ඔය කියන විදිහට කටයුතු කළා නම් පොල්ගොල්ල, රන්ටඹේ රන්දෙණිගල, කොත්මලේ, කියන එක ජලාශයක්වත් ඇත්තේ නෑ. අපි පරිසරයට ආදරය කරන මිනිස්සු. හැබැයි කවුරු හරි කියනවනම් එකම ගහක්වත් කපන්නේ නැතිව පාරවල් හැදෙන්න ඕන කියලා ඒ කියන උන්දැලා එදා හිටියනම් අද මේ විදිහට පාරවල් ලොකු කරලා කාපට් කරන්න වෙන්නේ නෑ. එයාල කියන විදිහට මේ රට හදන්න පුළුවන් කමක් නෑ.
ඔය කියන සංවර්ධනය ඒ අය කලෙත් නැ..කරන කෙනාට අකුල් හෙලනවා.කවුරු මොන මොන වැරැදී ප්‍රචාර ඇරියත් අපේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේ රට සංවර්ධනය වන එක,ගම සංවර්ධනය වන එක කිසිම කෙනෙකුට නවත්වන්නට බෑ…

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *