27 April 2024
#දේශීය

රටේ අන්ධකාරය නැති කරන්න පුළුවන් සමගිජන බලවේගයටයි – විපක්ෂ නායක සජිත් කියයි

මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ මුදල් නැතිකම බවත් රටේ ජනතාව කල්පනා කළ යුත්තේ රටට මුදල් සහ විදේශ විනිමය ගෙන ආ හැකි කණ්ඩායම සිටින්නේ කොහෙද කියා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පවසා සිටියේ අද(14) මහරගම ආසන බල මණ්ඩලයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ සිටින කණ්ඩායම හැකියාව, දක්ෂතාවය , කුසලතාවය පිරුණු කණ්ඩායමක් බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන් සියලු දෙනා සමග එක්ව රට ගොඩනගන මෙහෙයුම ආරම්භ කරන බවද පැවසීය.

ඩොලර් හොයන ආකාරයත්,රට ගොඩ නඟන ආකාරයත්,විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන ආකාරයත් පිළිබඳව සැලසුමක් සහ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට ඇති බව පැවසූ හෙතෙම ,ඒ පිළිබඳව සැකයක් ඇති කර නොගන්නා ලෙස ද පැවසීය. 

සමගි ජන බලවේගය විපක්ෂයේ හිඳිමින් රටට දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා සක්වල සහ හුස්ම වැඩසටහන් හරහා කළ මෙහෙවර සුවිශේෂී බව ද බව ද සඳහන් කළේය.

රටෙහි පවත්නා අන්ධකාරය නිමා කොට රිදී රේඛාව නිර්මාණය කිරීමේ වගකීම සහ හැකියාව සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකවරයා එය ස්ථිර වශයෙන් ඉටුකරන බවද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *