27 April 2024
#දේශීය

රටේ ආර්ථික ගැටලු විසඳන්න සාමුහිකව කටයුතු කල යුතුයි – ජනපති

රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු මෙම හමුවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ‍යේ වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් එක්ව සිටියහ.

රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බව හෙතෙම පැවසිය.

මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ශක්තිමත් විය යතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අද ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බව පැවසීය.

සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” අපි ඉන්නේ කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක. ආර්ථිකය කඩා වැටුණ රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිවයුතු නැහැ. අද රටේ ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. අපි දකිනව රැකියා අඩුවෙනවා. උද්දමනය නිසා විශේෂයෙන් ජීවන බර වැඩිවෙලා තිබෙනවා. ජනතාවගේ ජීවන චර්යාව වෙනස් වෙනවා. එදා තිබුණ පහසුකම් නැති වෙලා තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය සෑම ක්ෂේත්‍රයකටම මෙය බලපා තිබෙනවා. මේ හැම එකක්ම මේ ආර්ථිකය කඩා වැටීම සමඟ ඇතිවන තත්ත්වයන්. මෙය සිදුවූයේ කෙසේ ද කියා දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් එය සිදුවී අවසන්.
දැන් අපට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනිම පමණයි. නැත්නම් අපට ගොඩ එන්න බෑ. අපි එම මාර්ගයේ යනවද නැතිනම් වැටී සිටිනවද යන්න අප තීරණය කළ යුතුයි. මම උත්සාහ කරන්නේ මේ වැටී ඇති රට ඉක්මණින් ගොඩගැනීමටයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අපි මේ වන විට සිදුකරගෙන යනවා. අපි ණය ලබාගත් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව අතරින් ජපානය සමඟ පැවති සාකච්ඡා අවසන් වී තිබෙනවා. අපි චීනයේ EXIM බැංකුව සමඟ මේ සතියෙ සාකච්ඡා කළා. දැන් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මෙම 19 වැනිදා ලංකාවට එනවා. ඔවුන් සමඟ සිදුකෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්න. අපි පියවරෙන් පියවර මෙම කටයුතු ඉදිරියට කරගෙන යනවා. මෙම සාකච්ඡා අවසන් විමෙන් පසු අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික තුන හතරකින් ලැබෙනවා. ඊට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ සියල්ලෙන් තව බිලියන පහක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ වසර අවසානයේ දී ජපානය සමඟ විවිධ වැඩසටහන් ගණනාවක් නැවත ආරම්භ කළ හැකියි. අපි ඒ කටයුතු කරගෙන යනවා. ඒ සමඟම තව එක ප්‍රශ්නයක් තිබෙනවා. ගෝලීය වශයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික වර්ධනය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ ලබන වසරේදී අපේ අපනයන වෙළඳපොළ අඩු විය හැකියි. අපි අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගත යුතුයි. මේ වසර අවසන්වන විට රටේ ආදායම වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබෙයි. එවිට ජනතාවට යම් සහන ලබාදිය හැකියි. ඊට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් එතන පරතරයක් ඇතිවෙනවා. පළමුව ජනතාවට ලබාදිය හැකි සහන මොනවාද කියා අපි සොයා බැලිය යුතුයි. සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම මාර්තු,අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා . අපි බලාපොරොත්තු වෙනව මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියල.2024 වන විට අපි බලාපොරොත්තු වන වර්ධනය ඇතිකරගත හැකියි. එතෙක් සියලුදෙනාට මේ අසීරුතාවලට මුහුණදීමට සිදු වෙනවා. අද මෙතැන සිටින අය අතරින් වැඩිම දුෂ්කරතාවලට මුහුණදී සිටින්නේ වැඩ කරන ජනතාව හා කුඩා ව්‍යාපාරිකයින්. ඒ වගේම රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකුවලද ගැටලු මතු වී තිබෙනවා. අපි බැංකු පද්ධතිය ආරක්ෂාකරගත යුතුයි. බැංකු ආරක්ෂා කරන විට ඉන් ණය ලබාගන්නා කුඩා ව්‍යාපාර කඩා වැටිය හැකියි. එවිට ගන්නා පියවර කුමක්ද. 2024 සිට ආර්ථිකය හැසිරවිය යුත්තේ කෙසේ ද, ව්‍යාපාරවල තරගකාරීත්වය ආරක්ෂා කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. එසේ ම වැඩ කරන ජනතාවට සහන ලබාදිය යුතුයි.
රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාර, වෙළෙඳ මණ්ඩල, වෘත්තිය සමිති ගොවි ජනතාව මේ සියලුදෙනා එක් කරගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද කියා අවම වශයෙන් සමාජ ගිවිසුමක රාමුවකට එළඹෙන්න මම යෝජනා කරනවා යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූ අතර ජනාධිපති ‍ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

 

 

 

Let’s solve the country’s economic issues by working within one policy framework

We have been able to receive the support of the International Monetary Fund (IMF) by building up confidence as a country -President tells trade union representatives

President Ranil Wickremesinghe emphasized the need of working within one policy framework by all while facing the economic difficulties the country is confronted with.

The President made these observations during a meeting with the trade union representatives at the President’s Office held yesterday afternoon (13).

Government, semi-government and private sector trade union leaders and representatives participated in the meeting which was presided over by the President and the Prime Minister to discuss the corrective measures that could be taken to find solutions to the economic and financial crisis existing in the country.

President Ranil Wickremesinghe further stated that the government has succeeded in making the negotiations with the International Monetary Fund more successful by being able to build trust as a country.

Stating that the country’s economy is expected to improve after the first quarter of this year, the President expressed his confidence in achieving better economic progress in 2024.

The President pointed out that not only the public sector but the private sector should also be strengthened to provide relief to the people while continuing with the development programs of the country.

President Ranil Wickremesinghe further said that he is aware of the hardships the people are going through today and added that he would somehow provide relief to the public.

The President also pointed out that measures have been taken to provide rice to about 2 million families who are not entitled to Samurdhi benefits during the months of March and April.

The statement made by President Ranil Wickremesinghe is as follows: “We are well aware that the economy of the country has collapsed. So I know the difficulties faced by the country. We witnessed a drop in the number of employments. Inflation has especially increased the cost of living. Hence people’s lifestyle is changing. The facilities that the people enjoyed earlier are diminishing. This situation has affected every field including education and health. These are the repercussions of this economic collapse. It is useless to talk of the root causes for these issues as they have already happened. The only option we have now is to seek the support of the International Monetary Fund (IMF). Otherwise, we cannot recover. Hence we must decide if we are to get their support or remain stagnated in this collapsed economic situation. My attempt is to reinvigorate the collapsed economy of the country. We are currently carrying out a debt restructuring program. We have already completed the negotiations with Japan which is one of the three main countries, Japan, China, and India from whom we have obtained loans. We discussed with China’s EXIM Bank this week and by now we have commenced exchanging views on it. India’s Foreign Minister is scheduled to visit Sri Lanka on the 19th to discuss the debt restructuring process. We are proceeding with these activities gradually. Following these negotiations, we will receive USD 2.7 billion from the International Monetary Fund (IMF) in three or four instalments. In addition, we have the capacity to get USD 5 billion from the World Bank, the Asian Development Bank etc. In addition, by the end of the year, a number of different programs are scheduled to recommence with Japan. Hence, we should keep on continuing these activities. Additionally, we have one more problem. In the Global sphere, the economic growth in Europe and America is now slowing down. Under such a situation, our export market may drop by next year and we have to develop our tourism industry. We would be able to increase the Inland Revenue by the end of this year. Then some relief could be given to the people. However, before that, the country’s economy should be strengthened where not only the public sector but the private sector as well. Otherwise, there would be a gap. First, we need to find out what relief could be given to the people. We have made allocations to provide rice to about 2 million families, in March and April, who are not entitled to Samurdhi benefits. Working people and small-scale entrepreneurs are facing the highest difficulties among people today. Problems have arisen in both public and private banks as well. We must protect the banking system and when they are protected, small-scale entrepreneurs borrowing from such banks could collapse. What is the next step then? How should the economy be managed from 2024? The export economy should be strengthened by protecting the competitiveness of businesses. Similarly, concessions should be given to the working people. I suggest that not only the public sector but also private businesses, marketing boards, trade unions, farmers, and all should discuss lengthily and at least reach a framework of a social agreement on how we can advance this economic program.” 

Union leaders and representatives also spoke at length while President’s Secretary Saman Ekanayake, Finance Ministry Secretary Mahinda Siriwardena, President’s Senior Economic Adviser Dr. R.H.S. Samaratunga, President Trade Union Director General Saman Ratnapriya and other officers attended the discussion.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *