• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලන උප්පරවැට්ටි නැතිව හරි විදිහට සාකච්ඡාවට එන්නැයි විපක්ෂනායක සජිත් ජනපතිට කියයි

25 July 2023
in දේශීය

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට සාකච්ඡාවක් සඳහා එන ලෙස ආරාධනා කර ඇති බවත් සුපුරුදු දේශපාලන උප්පරවැට්ටියක් බව හැඟී යන්නේ නම් ඒ මොහොතේම සාකච්ඡා මේසයෙන් ඉවත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට සාකච්ඡාවක් සඳහා එන ලෙස ආරාධනා කර ඇති බවත් මෙය සර්ව පාක්ෂික සාකච්ඡාවක් බවට දැන ගන්නට ඇති නමුත් වත්මන් රජයේ මන්ත්‍රීවරුන් තුළ පොදු න්‍යායපත්‍රයක්, වැඩපිළිවෙළක් සාමූහිකත්වයක් එකමුතුකමක් හෝ එක මතයක පිහිටා කටයුතු කිරීමක් දක්නට නොමැති බවත් යම් හෙයකින් විපක්ෂය මෙම සාකච්ඡාවට යන්නේ රට ගැන සහ ජනතාව ගැන සිතා බව හෙතෙම පැවසිය.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (25) සක්වල වැඩසටහන යටතේ බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂනායකවරයා කියා සිටියේ ආණ්ඩුවේ සාකච්ඡාවක සාර්ථකත්වය ක්‍රියාත්මක වන්නේ එය සත්භාවයෙන් සිදුවන්නේ නම් පමණක් බවත් එය දේශපාලන උප්පරවැට්ටි ජිල්මාට් නොවිය යුතු බවත් රට දැය වෙනුවෙන් කරන වැඩක් ලෙස සාකච්ඡා සාර්ථක වෙන්න නම් පිරිසුදු පවිත්‍ර චේතනාවෙන් එම සාකච්ඡා සිදුවිය යුතු බවත් ය.

එසේම රජයට පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් මෙම සාකච්ඡා සඳහා කැඳවුවත් එහි න්‍යාය පත්‍රයේ අඩංගු කරුණු ගැන තවම දැනුවත් නොමැති බවත් විපක්ෂය මේ සඳහා සහභාගී වන්නේ රටට යහපතක් වෙයි කියා අපේක්ෂාවෙන් ජනතාව පැත්තෙන් සිතා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. එමෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා අතර මත ගැටුම් රාශියක් මතුව තිබෙන බවත් සාකච්ඡාවට පැමිණීමට පෙර එම මතගැටුම් සමතයකට පත් කර එක මතයකට එන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද මාරුකම් රැසකින් රට ගොඩ එන්න හදන මේ අවස්ථාවේදීත් හොර බෙහෙත් ගෙනවිත් ජනතාවගේ ජන ජීවිත විනාශ කරන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක බවත් බංකොලොත් වුණ රටේත් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පවා හොරා කෑම සිදුවන බවත් මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුව සාකච්ඡා තියන්න පෙර මෙම වැරදි නිවැරදි කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ජනතාවට රෝහලට පැමිණෙන්නේ නිරෝගි වීමට වුවත් පසුගිය කාලයේ ඖෂධ වර්ග නිසා ජීවිත රැසක් නැති වූ බවත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය ජනතාව දැනුවත් කිරීමේ දී රජය කියා සිටියේ විපක්ෂය විසින් ජනතාව කුපිත කරවන කුමන්ත්‍රණ දියත් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂය මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොරකම් යම් පමණකින් හෝ අඩුවී ඇති බවත් ය.

එසේ ම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට අවශ්‍ය වී ඇත්තේ හොරකමින් තොර රටක් බිහි කිරීම බැවින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානය යොමු කරන බවත් මෙසේ හොරකම් කරන මුදල් පාසල් පද්ධතියට රෝහල් පද්ධතියට ලබා දෙන්නේ නම් හොඳ සෞඛ්‍ය පහසුකමක් මෙන් ම අධ්‍යාපන පහසුකමක් ද ලබා දිය හැකි බවත් වැඩිදුරටත් පැවසීය.

සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ අද දින බිබිල මැදගම ජාතික පාසලට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දුන් අතර එම බස් රථයත් සමඟ සක්වල වැඩසටහන යටතේ බස් රථ 73ක් ප්‍රධානය කර තිබේ.

එසේ ම විපක්ෂය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ මෙරට රෝහල් 56කට රුපියල් 171,966,900.00ක රෝහල් උපකරණත් පාසල් 72කට රුපියල් 349,200,000.00 බස් රථ 72ක් සහ පාසල් 33කට රුපියල් 29,033,650.00ක සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

Post Views: 8
Previous Post

පොහොට්ටුව කියන්නේ ජනතාවගේ පක්ෂයක් වට්ටවන්න කාටවත්ම බැහැ -අමාත්‍ය ප්‍රසන්න

Next Post

13 ගැන අද ජාජබ නායකයින් නිහඩයි – මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

editor

editor

Next Post

13 ගැන අද ජාජබ නායකයින් නිහඩයි - මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved