• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතා කැරැල්ලක් ආරම්භ කරන බව විපක්ෂනායක කියයි

28 June 2022
in දේශීය

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් ආරම්භ කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතළ ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බව හෙතෙම පැවසිය.

ඒ උදෙසා වූ දැවැන්ත දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම වෙනුවෙන් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පැවසූ විපක්ෂනායකවරයා මේ මහා ජනතා අරගලය ආණ්ඩුව පන්නා දමන තුරු අවසන් නොකරන බවද පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පවත්නා අර්බුදකාරී තත්ත්වය අබියස රට ගොඩනැගීම පිලිබදව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ අතර එහි පළමු අදියර අද (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ අවස්ථාවට එක්වෙමිනි.

ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය සේවාව වන්නේ ජනාධිපති අගමැති, මැති ඇමති පුටු ආරක්ෂා කරගැනීම පමණක් බවත් එවන් තත්ත්වයක් තුළ රටේ ජනතාව අප්‍රමාණ පීඩාවන් වලින් දුක් විදිහ බවත් හෙතෙම පැවසීය.

වැඩ බැරි ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් එවිට මේ රට ගොඩනගන ආණ්ඩුවක් සමගි ජන බලවේගය විසින් පිහිටුවන බව ඒ මහතා කියා සිටියේය.

නවලංකා නිදහස් පක්ෂය, පුරවැසි පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය, යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතයින් මේ අවස්ථාවට එක් වූහ.

 

Post Views: 4
Previous Post

රටක් ලෙස ජය ගන්න පුලුවන් හොදම අවස්ථාව මෙයයි -අමාත්‍ය රොෂාන්

Next Post

මාතලේ සංචාරක දියුණුව සදහා විශේස අවශ්‍යතා ඇති පිරිස් සදහා වැඩසටහනක්

editor

editor

Next Post

මාතලේ සංචාරක දියුණුව සදහා විශේස අවශ්‍යතා ඇති පිරිස් සදහා වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved