මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම යන චෝදනා යටතේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත. ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (2026 ජූලි 10) පාර්ලිමේන්තුවේදී මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබේ.
















