ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු ප්‍රමාදයකින් තොරව පිරවීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස ඉල්ලමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබූ ලිපියක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (12) භාර දෙන ලදී.
ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට මෙම කාරණය කෙරෙහි කඩිනමින් අවධානය යොමු කරන ලෙසත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ ලිපිය මගින් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිති. අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය පවත්වාගෙන යාම සඳහා මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීම අත්‍යවශ්‍ය බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී ඇත.
















