අපි පුන පුනාම පිට පිටම ගොවි ජනතාව වෙනුවෙන්, ගොවි ජනතාවගේ අයිතිවාසකම් වෙනුවෙන් කරනවයි කියපු දේවල් අපි වර්තමාන රජයට දිනපතාම මතක් කර දෙනවා. අපිට උහුලාගන්න බැරි දේ තමයි පොරොන්දු වුණු දේ ඉටු නොවීම. පාර්ලිමේන්තුවේ කියනවා කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් යනවයි කියලා. ඒ ඔක්කොම කියලා 120ක සහතික මිලක් නම් ලබා දෙන්නලු. වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් වැය වෙනවයි කියන එක දැනත් අපේ ගොවි ජනතාවට හැම කිලෝකින් රුපියල් 17ක් පාඩු කරවලා හිතා මතාම කියනවා නෑ අපි මිලදී ගන්නම් 120කට. මේ මහා අමූලික බොරු ඉදිරියේ ඇත්ත වශයෙන්ම මේ ගොවි ජනතාවට මේක බලන් ඉන්න පුළුවන්ද? කොච්චර බොරු කිව්වද කොච්චර රැවැට්ටුවද අපි කියනවා දැන් දිනපු අය කරනවයි කියපු දේ ඉෂ්ට සිද්ධ කරන්න. කීවාරුව පැත්තක තියලා වී ගොවියට ලබා දෙනවයි කියපු ශක්තිය ලබා දෙන්න කටයුතු කරන්න ඇත්ත වශයෙන් අපේ රටේ වී ගොවිතැනේ නියැලෙන පවුල් 21 ලක්ෂයක් ඉන්නවා. තවදුරටත් මේ රැවටිල්ල ඉදිරියේ ඔබගේ කඩා වැටෙන ජන ජීවිත තුළ නිහඬව ප්‍රේක්ෂකයින් හැටියට බලාගෙන ඉන්නේ නැතුව ඔබගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, ඔබගේ ජීවනෝපාය අයිතිය වෙනුවෙන් උපරිම ලෙස ගොවියාගේ අයිතිවාසිකම් සාධාරණ ලෙස දිනා ගැනීම සඳහා සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට මහපාරට බහින්න අද කාලය ඇවිල්ලා තිබෙනවා.
















