• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බාර් පර්මිට් ගන්න අයට දඩුවම් කරන්න ගියොත් විපක්ෂයක් නැති වෙයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

14 May 2024
in දේශීය, පුවත්
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ අවසන් වරට මීට වසර 16 කට පෙර එනම් 2008 වසරේදී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබුණ ද ඉන් වසර 16 කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා ගණනය කළ යුතු බවත්, එසේම නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මෙම නව ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදු කරන බවත් ය.

කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට ද රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම හා නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මගින් මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එය පාලනය කරන බවත් , රජයට අවශ්‍ය නීතිවිරෝදී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පමණක් බවත් සඳහන් කළේ ය.

විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ ය.

Post Views: 19,922
Previous Post

අස්වැසුම හිමි නොමිලේ දුන් සහල් දුන් නොගත් අය හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Next Post

නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

editor ttvnews

editor ttvnews

Next Post
නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved