කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ඉහළ යාමත් සමඟ වැඩි වී ඇති බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා ඔරක්ල් සමාගමට ගිගාවොට් 2.8 ක් දක්වා ඉන්ධන කෝෂ (Fuel Cells) සැපයීමට බ්ලූම් එනර්ජි සමාගම එකඟතාවකට පැමිණ තිබේ මෙම ගිවිසුම යටතේ දැනටමත් ගිගාවොට් 1.2 ක ධාරිතාවක් සඳහා කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති අතර එහි මූලික වැඩකටයුතු ලබන වසර දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන්ට වඩා වේගයෙන් මෙම ඉන්ධන කෝෂ පද්ධති ස්ථාපිත කළ හැකි බව බ්ලූම් එනර්ජි සමාගම පවසයි
බ්ලූම් එනර්ජි සමාගම පෙන්වා දෙන්නේ දහනයකින් තොරව රසායනික ප්‍රතික්‍රියා මගින් විදුලිය උත්පාදනය කරන මෙම තාක්ෂණය ඉතා පරිසර හිතකාමී බවයි මෙම පුවත ප්‍රකාශයට පත්වීමත් සමඟ බ්ලූම් එනර්ජි සමාගමේ කොටස් මිල 12.6% කින් ඉහළ ගොස් තිබේ ඇමරිකාව පුරා විසිරී සිටින තම පාරිභෝගිකයන්ගේ විදුලි අවශ්‍යතා කඩිනමින් සපුරාලීමට මෙම කාර්යක්ෂම බලශක්ති පද්ධති මහත් පිටුවහලක් වනු ඇතැයි ඔරක්ල් ක්ලවුඩ් (Oracle Cloud) ආයතනය සඳහන් කළේය














