• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වංචා කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ

18 July 2018
in ක්‍රීඩා

මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

මෙම අධිකරණ සදහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් රටේ නීතිය අනුව මිස කැලෑ නීතිය අනුව මෙහි නඩු විභාග නොවන බව නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “මේ අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කිරීමේ හැකියාව කිසිම දේශපාලඥයෙක්ට නෑ. අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාව තමයි මෙම අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කරන්නේ. කිසිම ඇමැතිවරයෙක්ට ඒ ගැන තීන්දුවක් ගන්න බෑ. දේශපාලන උවමනාවන් අනුව මේ අධිකරණයේ එක් එක් පුද්ගලයාගේ නඩු අසන බවට කියන කතා හුදෙක් දේශපාලන වාසි ලබාගැනීමට කරන ප්‍රකාශයන්. රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණ නඩු විභාගයක් පවත්වනවා. විශේෂ මහාධිකරණයක නඩු විමසනවාද යන්න ගැන තීරණය ගන්නේ අගවිනිසුරුවයා ඇතුළු අධිකරණ පද්ධතියයි. දැන් පිහිටුවා තිබෙන විශේෂ මහාධිකරණවල දීත් සිදුවන්නේ ඒ වගේ දෙයක් තමයි.

තමන් මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැති නම් මේ වගේ අධිකරණයක් පිටවීම ගැන කවුරුවත් බියට පත්වෙන්න ඕන නැහැ. එහෙම චෝදනා තිබෙන අයට මේ අධිකරණය හමුවේ නඩු විභාගයකට මුහුණදීලා තමන්ගේ නිර්දෝශීභාවය ලෝකයට පෙන්නුම් කරන්න පුලුවන්. මේ අධිකරණවල නඩු විභාග කරන්නේ රටේ තිබෙන නීතිය අනුවයි. අලුත් නීති ගෙනවිත් තෝරාගත් පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන්න බැහැ. කැළෑ නීතිය අනුව නෙමෙයි මේ අධිකරණවල නඩු විභාග වෙන්නේ. විමර්ශණ කටයුතු අවසන් කර තිබෙන නඩු ගොනු මෙහිදී එක දිගට විභාග කර දඩුවම් ලබාදීම තමයි සිදුවන්නේ“යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

 

Post Views: 5
Previous Post

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සෞදි අරමුදලින් ණයක්

Next Post

මහින්ද තාම පාඩමක් ඉගෙන ගෙන නෑ

editor

editor

Next Post

මහින්ද තාම පාඩමක් ඉගෙන ගෙන නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved