• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ගොදුරක් වූයේ යහපාලනය නිසයි – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

30 August 2021
in දේශීය

ලෝකය ආර්ථික අර්බුධයකට යන විට අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ප්‍රධාන ගොදුරක් වූයේ 2015- 2019 දක්වා වර්ෂයන් වල රට පාලනය කළ මේ වන විට විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සිදු කළ මහ බැංකු බැදුම්කර වංචාව සහ අනිකුත් දූෂණ ක්‍රියා මාර්ග නිසා බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(30) කොළඹ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී මාධ්‍යට වෙත අදහස් දක්වමිනි.

වත්මන් රජයේ මේ වන විට තීන්දු තීරණ ගැනීම් සිදු වන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නොව විද්වත් මණ්ඩලයේ තීන්දු බව සේමසිංහ මහතා පැවැසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා, “අද වන විට රටේ සීනි හිගයක් ඇති කරන්න ඇතම් පිරිස් උත්සහ දරණවා. අපි පැහැදිලිව කියනවා නීති විරෝධි ආකාරයෙන් මේවා රැස් කර සගවා තිබෙන අයට සහ එයට සහය දෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව. මේ රටේ විපක්ෂයකට ඕනම දෙයක් කියන්න පුලුවන්. ඒ අවස්ථාව අපි ලබා දී තිබෙනවා. නමුත් හැමෝම මතක තියා ගන්න ඕනේ විපක්ෂය රටට කළ විනාශයේ ප්‍රථිපලයි අපි අද මේ බුක්ති විදින්නේ කියන එක. අද වන විට ලෝකය ආර්ථික අර්බුධයකට යද්දී අපේ රටත් ඒ ආර්ථික අර්බුධයේ ප්‍රධාන ගොදුරක් බවට පත් වුණේ විපක්ෂය විසින් කළ කාර්යය භාරයන් නිසයි. 2015 -2019 කාලයේ අපේ රටේ ආර්ථිකය ශ්‍රීග්‍රව කඩා වැටීමක් සිදු වුණා. ඒ කඩා වැටීම් කාලය තුළ මහා පරිමාන බරපතල වංචා හා දූෂණ සිදු වුණා. අපි දැක්කා 2015 පෙබරවාරි මාසයේ කොහොමද මහ බැංකු බැදුම්කර වංචාව සිදු වෙන්නේ කියලා. ජුනි මාසයේ සිදු වෙන්නේ කියලා. මෙන්න මේ බැදුම්කර වංචාවේන් සිදු වුණ ආර්ථික කඩා වැටීම තමයි කොවිඩ් 19 වෛරසය කාලය තුළ බරපතල ආර්ථික පරිහාණියක් බවට පත් වුනේ. මේ පරිහානියේ ප්‍රධාන කොටස් කරුවෙකු බවට පත් වෙන්නේ කොවිඩ් තත්ත්වය හා අනිත් පැත්තින් ප්‍රධාන වෙනවා විරුද්ධ පක්ෂයේ ඉන්න 2015 -2019 ආණ්ඩු කරපු කණ්ඩායම. ඒ කළ හොරකම් වංචා වල ප්‍රථිපලයි අද අපි සියලු දෙනාම විදින්නේ.
අද ආර්ථික වශයෙන් විශාල බලපෑමක් ඇති වෙලා තියෙන කාලයක්. අපි කණගාටු වෙනවා රට විවෘත්ත කරලා රටේ සියලු දෙනාටම මේ ඇති වෙලා තියෙන අපහසු තා වලින් මිදෙන්න එන්නත් කරණය සීග්‍රයෙන් සිදු වෙද්දි මේ එන්නත් කරණයට බාධා ඇති කරන්න ජනතාව තුළ ඒ පිළිබඳ විශ්වාසය නැති කරන්න අද වන විට විපක්ෂය කටයුතු කිරීම පිළිබඳව.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණෙන මඟීන් සඳහා ආරක්ෂාව අපේක්ෂා කරයි -විදේශ අමාත්‍යංශය

Next Post

මේ ආණ්ඩුවට මොළයකුත් නෑ හදවතකුත් නෑ – මන්ත්‍රී පාඨලි

editor

editor

Next Post

මේ ආණ්ඩුවට මොළයකුත් නෑ හදවතකුත් නෑ - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved