2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 24දා දක්වා වූ මාස පහකට ආසන්න කාලය තුළ රට පුරා සිදුවූ රිය අනතුරු 1,031කින් පුද්ගලයන් 1,082ක් මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව සහ රථවාහන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී Mනෝජ් රණගල මහතා සඳහන් කරයි.
මෙම කාලසීමාව තුළ බරපතළ අනතුරු 2,042ක් සහ සුළු අනතුරු 4,152ක් සිදුව ඇති අතර, දේපළ අලාභහානි පමණක් සිදුවූ අනතුරු 1,448ක් පොලීසියට වාර්තා වී තිබේ. මෙම මරණ සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සැසඳීමේදී මරණ 41ක පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කරන බව ද රථවාහන අංශය පෙන්වා දෙයි.
පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ සිදුවූ මාරක රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව දෙස බැලීමේදී 2021 වසරේ මාරක අනතුරු 2,452කින් මරණ 2,557ක් ද, 2022 වසරේ මාරක අනතුරු 2,420කින් මරණ 2,540ක් ද වාර්තා වී ඇත. එමෙන්ම 2023 වසරේ මාරක අනතුරු 2,231කින් මරණ 2,341ක්, 2024 වසරේ මාරක අනතුරු 2,403කින් මරණ 2,521ක් සහ 2025 වසරේ මාරක අනතුරු 2,549කින් මරණ 2,721ක් වශයෙන් රට තුළ මාරක රිය අනතුරු සිදුව තිබේ.
















