• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට

7 March 2021
in දේශීය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් කොවැක්ස් වැඩපිළිවෙල යටතේ අද (07) අලුයම කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන ආ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනය මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමීත 20% ක එන්නත් ප්‍රමාණය මෙය වේ.

යුනිසෙෆ් ආයතනය මගින් මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති අතර ඉදිරියේ දී තවත් එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩ පිළිවෙල සඳහා ලබා දීමට නියමිත බව යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය අවධාරණය කරයි.

මෙම එන්නත් කොවිඩ් පැතිර යන අවදානම් ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවැක්ස් පහසුකම් වැඩපිළිවෙල සමඟ ඇති කරගත් ගිවිසුම අනුව තවත් මාත්‍රා මිලියන 1.44 ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ලබාදීමට ද එකඟතාවය පල කර ඇත.

මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීම අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශ ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණී.

මෙහිදි යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය, ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා යුරෝපා සංගමයේ තානාපති ‌ඩෙනිස් චයිබි මහතා ඇතුළු නියෝජිතවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එන්නත් තොගය සංකේතාත්මකව භාර දෙන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා පෙන්සේ මහත්මිය , යුනිසෙෆ් ආයතනයේ නියෝජනය කරමින් වෛද්‍ය සෆීනා ආර්බුල්ඩෝවා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

 

Post Views: 17
Previous Post

ඇමැති ඩග්ලස් ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙන යාම නවත්වයි

Next Post

බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි

editor

editor

Next Post

බටහිර ඉන්දිය කොදෙව් පරදා ශ්‍රී ලංකාව ජය ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved