රටක් ඉදිරියට ගෙන යාමට නම් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය වන බවත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදු වන්නේ අධිකරණය සතුව ඇති එකම ශක්තිය වන ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය නැති කර දැමීම බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රටේ නඩු විසඳීමේ ප්‍රමාදය හේතුවෙන් කාර්යක්ෂමතාව පහළ බැස ඇති බවත්, වරදකරුවන් වන ප්‍රතිශතය 5%කටත් වඩා අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා පෙන්වා දී ඇත. ජනතාවට අද වන විට ඉතිරිව ඇති එකම පිළිසරණ වන අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමට ඉඩ නොදී ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් නිසි සාධාරණය ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කර තිබේ.














