පදවිය පොලිස් වසමේ අරුණගම ප්‍රදේශයේදී පොල්ගසක් කපා ඉවත් කිරීමට යාමේදී එය ශරීරය මතට කඩා වැටීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පදවිය, අරුණගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. පොල්ගස කපා ඉවත් කිරීමට යාමේදී එය වෙනත් ගසක පැටලී ඇති අතර, පසුව එම ගස ද කපා ඉවත් කිරීමට යාමේදී පොල්ගස ඇඟට වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔහු පදවිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














