පදවිය, බෝගස්හන්දිය පුල්මුඩේ මාර්ගයේදී සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් 48 හැවිරිදි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මරණකරු සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර, බෝගස්හන්දිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ පවුලේ සිව්දෙනා වහාම පදවිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා කල්අඩිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. අනතුර සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















