ගොවි ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ගොවියන් ලෙස පෙනී සිටින ඇතැම් සංවිධානාත්මක පිරිස්, ජනතාව නොමඟ යැවීමේ අරමුණින් පොහොර සහනාධාරය නොලැබෙන බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටින බවට ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සෘජුව චෝදනා කළේය. එවැනි පටු දේශපාලන හෝ පෞද්ගලික අරමුණු සහිත ප්‍රචාරවලට නොරැවටී, රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තබන ලෙස ඒ මහතා ගොවි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















