2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන හෙට (13) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබේ. මේ වන විට බොහෝ ප්‍රදේශවල අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින්, වැඩිම අස්වනු ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වී ගබඩා මධ්‍යස්ථාන 143ක් විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වී ගබඩා මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා අස්වනු ලැබුණහොත් ඒ ආසන්නයේ ඇති පෞද්ගලික අංශයේ ගබඩා පහසුකම් භාවිතයට ගැනීමට ද සැලසුම් කර ඇති බවයි. ඇතැම් වී මෝල් හිමියන් සහ පෞද්ගලික ආයතන එම ගබඩා පහසුකම් කිසිදු අය කිරීමකින් තොරව ලබා දීමට දැනටමත් එකඟතාව පළ කර තිබේ.
















