පකිස්තානයේ 8,047ක් උසැති බ්‍රෝඩ් පීක් (Broad Peak) කන්දේ සිදු වූ හිම කුණාටු අනතුරකින්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු වන නර්මල් පුර්ජා (Nirmal Purja) ඇතුළු කඳු නගින්නන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතුරුදන් වී තිබේ.
පකිස්තානයේ ඇල්පයින් සමාජය (Alpine Club of Pakistan) ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විටත් ගොඩබිම් සහ හෙලිකොප්ටර් ආධාරයෙන් සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මේ වන විට මළ සිරුරු 4ක් සොයාගෙන ඇති බවයි. අමෙරිකානු ජාතිකයෙකු මෙන්ම ඕමානය, පකිස්තානය සහ නේපාලය නියෝජනය කරමින් කඳු නගින්නන් මෙම කණ්ඩායමට ඇතුළත් වී ඇත.
මීට වසර කිහිපයකට පෙර ලෝකයේ මීටර් 8,000ට වැඩි කඳු 14ම මාස 6කට අඩු කාලයකින් නඟිමින් සුවිශේෂී වාර්තාවක් පිහිටවූ පුර්ජා, මෙවර බ්‍රෝඩ් පීක් කන්ද නැඟීමෙන් අනතුරුව මීටර් 8,000ට වැඩි කඳු 14 දෙවරක් නැඟූ පළමු පුද්ගලයා බවට පත්වීමේ අරමුණින් මෙම ගමනට එක්වී තිබුණි.














